ලිට්රෝ හිටපු සභාපති ඇතුලු 04කට ඇප | දිනමිණ

ලිට්රෝ හිටපු සභාපති ඇතුලු 04කට ඇප

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ලිට්රෝ ගෑස් සමාගමේ හිටපු සභාපති ශලීල මුණසිංහ ඇතුලූ හතරදෙනා ඇප මත මුදාහැර තිබේ.

ඒ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්නගේ නියෝගයකට අනුවයි.

එහි දී එක් අයෙකුට රුපියල් 50,000 ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප 03 ක් මතයි විත්තිකරුවන් මුදාහැරීමට නියෝග කර  ඇත්තේ.

එමෙන්ම අධිකරණයේ අවසරයකින් තොරව විදේශ ගතවීමද මොවුන්ට තහනම් කෙරිණ.

තායිවානයේ ෆා - ඊස්ටන් බැංකුවේ පරිඝනක පද්ධතියට අනවසරයෙන් පිවිස ඩොලර් මිලියන ගණනක මුදල් ඉවත් කර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙනුයි මොවුන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණේ.  


නව අදහස දක්වන්න

Or log in with...