ලෝක සකසුරුවම් දිනයට ගම්මිරිස් පැළ බෙදා දෙයි | දිනමිණ

ලෝක සකසුරුවම් දිනයට ගම්මිරිස් පැළ බෙදා දෙයි

අනූ තුන්වැනි ලෝක සකසුරුවම් දිනය යෙදී තිබූ ‍ඔක්තෝබර් 31 වෙනි දින ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ගම්පහ ප්‍රධාන ශාඛා කාර්යාලය මඟින් තැන්පත්කරුවන් සියදෙනකුට ගම්මිරිස් පැළ 100 ක් බෙදාදීම සිදුකරන ලදී.

අනූතුන්වැනි ලෝක සකසුරුවම් දිනය නිමිත්තෙන් ජාතික ඉතිරිකිරීමේ බැංකුව “සත්කාරයෙන් අනාගතයට ඉතිරි කරමු” යන තේමාව යටතේ තම ගනුදෙනුකරුවන් වශයෙන් ප්‍රථම තැන්පත්කරුවන් සියදෙනාට ගම්මිරිස් පැළ 100 ක් බෙදාදීමේ ජාතික වැඩසටහනට එක්වෙමින් ගම්පහ ශාඛා ප්‍රධාන කාර්යාලය මෙම ගම්මිරිස් පැළ බෙදාදීම සිදුකරන ලදී.

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ගම්පහ ශාඛා ප්‍රධාන කාර්යාලයේ ප්‍රධාන කළමනාකාර ඒ. ඒ. චන්ද්‍රදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සහකාර කළමනාකාර මහත්මියගේ හා කාර්යාල නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් ඉස්තරම් වර්ගයේ ගම්මිරිස් පැළ මෙසේ සිය තැන්පත්කරුවන්ට බෙදාදීම සිදුකරන ලදී.

උඩුගම්පොළ සමූහ
ඡායාරූපය-උඩුගම්පොළ සමූහ 

නව අදහස දක්වන්න