විරාත් කෝලිට කේක් ප්‍රහාරයක් | දිනමිණ

විරාත් කෝලිට කේක් ප්‍රහාරයක්

ක්‍රිකට් ක්‍රීඩාවේ සුපිරි චරිත අතර ඉදිරියෙන්ම සිටින විරාත් කෝලිට පසුගියදා කේක් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි වාර්තා වේ.

මේ ක්‍රීඩකයා ඉපදුනේ 1988 නොවැම්බර් 05 වැනිදා ය. ඊයේ(05) කෝලිගේ 29 වැනි උපන්දිනය යෙදී තිබුණි.

ඔහුගේ උපන් දිනය සමරනු ලැබුවේ රාජ්කොට්හි තියෙන ඉන්දීය – නවසීලන්ත දෙවන T 20 තරඟය අතරතුරදී ය.
මෙහිදී කෝලිට ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩකයන්ගෙන් අපූරු සංග්‍රහයක් ලැබී ඇතැයි සදහන් වේ.

ඔහුගේ උපන්දිය කේක් ගෙඩිය ම කෝලිගේ ඔලුවේ ඉඳන් ගා ඇතැයි වාර්තාවේ. ඒ සම්බන්ධ ඡායාරූප සහ වීඩියෝ දර්ශන රැසක් ද මේවන විට අන්තර්ජාලයට එක් කර ඇත.

නව අදහස දක්වන්න