ඇලවුණු කුළුණ... | දිනමිණ

ඇලවුණු කුළුණ...

ත්‍රි/මලය - ඒ.ටි.එම්.ගුණානන්ද

වැලි පැටවූ ටිපර් රථයක්  රාත්‍රි කාලයේ කන්තලේ අග්බෝපුර හන්දියේ ඔරලෝසු කණුවේ ගැටිමෙන් ඔරලෝසු කණුව ඇලවි කඩා වැටිමට ආසන්න අතර රථය පැදවු රියදුරු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි අග්බෝපුර පොලිසිය කියයි.

වැලි පටවා ගත් ටිපර් රථය ත්‍රිකුණාමලය දෙසින් පැමිණි අතර එම අවස්ථාවේ රියදුරාට නින්ද යෑම නිසා මෙම අනතුර සිදුවන්නට ඇතැයි සැකකරන බව පොලිසිය කියයි. තුවල ලැබු රියදුරු කන්තලේ මුලික රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔහුගේ තත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග කියයි. කුලුණු හතරකින් සමන්විත ඔරලෝසු කණුවේ කුලුණු දෙකකට හානි වි ඇල වි ඇත. ටිපර් රථයටද දැඩි හානි සිදුවි තිබේ. මෙම අනතුර නිසා මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වි ඇත.

නව අදහස දක්වන්න