නුවරඑළිය ගාමිණිය අද හෙට ම නායයයි ද? | දිනමිණ

නුවරඑළිය ගාමිණිය අද හෙට ම නායයයි ද?

 නුවරඑළිය ගාමිණී ජාතික පාසලේ බිමේ ස්ථාන දෙකකින් පස් කුට්ටි පහළට තල්ලුවී කඩාවැටී නායයාමේ ලක්ෂණ මතුවී ඇතැයි මව්පියන් පවසති. මේ නිසා ඒ ආසන්නයේ පිහිටි මහල් පාසල් ගොඩනැගිලි දෙකක් අවදානම් තත්ත්වයක පවතින බව ඔවුහු පෙන්වා දෙති.

උස් බිමේ පිහිටි ගොඩනැගිලිවලින් අධික ලෙස ‍වැටෙන වැසි වතුර නිසා මේ තත්ත්වය ඇතිවන්නට ඇතැයි සිතිය හැකි වුවද ගොඩනැගිලි ‍ඉදිකොට ඇති ‍බිමේ යම් අස්ථාවර බවක් පෙනෙන හෙයින් ගොඩනැගිලි ආරක්ෂාකර ගැනීමට රජයේ අවධානය කඩිනමින් යොමුවිය යුතුව ඇතැයි ඔවුහු බලාපොරොත්තු වෙති.

නුවරඑළිය - සී. මහගම

නව අදහස දක්වන්න