ජැකීගෙන් අර්ජුන් විරෝධයක් | දිනමිණ

ජැකීගෙන් අර්ජුන් විරෝධයක්

ජැකලින් ෆර්නැන්ඩිස් සහ අර්ජුන් රම්පාල් ප්‍රධාන චරිත රඟපෑ ‘රෝයි’ චිත්‍රපටය තිරගත වුණේ 2015 දී. බොහෝ දෙනකුගේ බලාපොරොත්තු බිඳ දමමින් මේ චිත්‍රපටය අසාර්ථක වුණා.‍ එය ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වුණේ නැහැ. මේ අසාර්ථකත්වයට හේතුව ජැකලින් ගේ හෝ අර්ජුන්ගේ දුර්වල රඟපෑම් ද? ඒ ගැන නම් හරියටම කියන්න බැහැ. නමුත්, ජැකලින් මේ වනවිට තීරණය කර ඇත්තේ යළි අර්ජුන් රම්පාල් සමඟ වෙනත් කිසිම චිත්‍රපටයක රඟ නොපාන්නලු. මෙය ඇගේ වෘත්තීය ජීවිතයට අයත් තීරණයක් යැයි කවුරුත් හිතුවා.

නමුත්, ජැකලින්ගේ ‘අර්ජුන් විරෝධය’ පෞද්ගලික මට්ටමිනුත් ක්‍රියාත්මක වන බව පසුගියදා පැවැත්වුණු ප්‍රදර්ශනයකදී තහවුරු වුණා. මේ ප්‍රදර්ශනයට ජැකලින් ද ඇරයුම් ලබා සිටියා. එහි ළඟාවන විට අර්ජුන් ද පැමිණ සිටිනු දුටුවා. ඒ සමඟම සංවිධායකයන් ඇමැතූ ජැකලින් පැවසුවේ අර්ජුන් ඉවත්ව නොගියොත් තමන් එම ප්‍රදර්ශනයට නොඑන බවයි.

ඉන් පසුව ඇතිවූ නොයෙකුත් තර්ක විතර්ක මැද සංවිධායකවරුන්ට සිදුවුණේ අර්ජුන්ව එම ස්ථානයෙන් ඉවත් කිරීමටයි. ජැකලින් ප්‍රදර්ශනය නරඹන්න පැමිණියේ ඉන් පසුවලු.

නව අදහස දක්වන්න