ජෝශප් වාස් පළමු ඉනිම දිනයි | දිනමිණ

ජෝශප් වාස් පළමු ඉනිම දිනයි

වෙන්නප්පුව සාන්ත ජෝශප් වාස් විදුහල සහ කුරුණෑගල සාන්ත ආනා විදුහල අතර පැවැති 13න් පහළ තරගයෙන් ජෝශප් වාස් විදුහලට පළමු ඉනිමේ ජය අත්විය.

ජෝශප් වාස් විදුහල පළමුව පන්දුවට පහරදෙමින් කඩුලු 7ක් දැවී ලකුණු 239ක් ලබාගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සාන්ත ආනා විදුහලට ලබාගත හැකි වූයේ ලකුණු 20ක් පමණි. දක්ෂ පන්දු යැවීමක නිරතවූ තරිඳු ඊශාන් ලකුණු 5කට කඩුලු 5ක් ද නවිඳු රශ්මික ලකුණු 9කට කඩුලු 5ක් ද දවාගත්හ. දෙවැනි ඉමේදී තරගය නතර කරන විට ජෝශප් වාස් විදුහල කඩුලු 5කට ලකුණු 235ක් ලබාගත් අතර අවිශ්ක පෙරේරා ලකුණු 100ක් ද මෙනුෂ පෙරේරා ලකුණු 93 ක් ද ලබා ගනිමින් සිවුවැනි කඩුල්ලට ලකුණු 181ක සබඳතාවයක් පිහිටවූහ.

ජෝශප් වාස් පළමු ඉනිම - 239/7. මෙනුෂ පෙරේරා 81, විශ්ව රාජපක්‍ෂ 50, නෙත්මාල් ද සොයිසා 25, නවිඳු රශ්මික 22, උවින් චන්දීප 20 (ආදිත්‍ය නිර්වාන් 44/3, යොමේශ් සුභසිංහ 26/2) සහ 235/5. අවිශ්ක පෙරේරා 100, මෙනූෂ පෙරේරා 93 (ධනංජය ලිව්නිස් 26/3, එන්. කෙවින් 49/2)

සා.ආනා පළමු ඉනිම - 20 (තරිඳු ඊශාන් 5/5, නවිඳු රශ්මික 9/5)

ඩිල්වින් මෙන්ඩිස් මොරටුව ක්‍රීඩා

නව අදහස දක්වන්න