ජන අයිතියට පෙරම පුපුරා ගිය අන්දුගොඩ ප්‍රජා ශාලාව | දිනමිණ

ජන අයිතියට පෙරම පුපුරා ගිය අන්දුගොඩ ප්‍රජා ශාලාව

ඉමදුව සමුහ ලංකින්ද නානායක්කාර

ඉමදුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් අන්දුගෙඩ ප්‍රදේශයේ ඉදිකර ඇති ප්‍රජා ශාලා ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කරන්නටත් ප්‍රථම බිත්ති පුපුරා පේමනට් කැඩී අනාරක්ෂිත ස්ථානයක් බවට පත්ව ඇතැයි ප්‍ර දේශවාසීන් පවසයි.

එක් ග්‍රාමසේවා වසමක් සඳහා රුපියල් ලක්ෂ 10ක් බැගින් ලබා දුන් වැඩසටහනක් යටතේ යොජනා කර ඉදික මේ ගොඩනැගිල්ල මේවන විට බිත්ති පුපුරා පේමන්ට් කැඩී ඇති අයුරු දක්නට ලැබේ. ප්‍රදේශයට අත්‍යවශ්‍ය මේ ගොඩනැගිල්ල අද වන විට භාවිතා කිරීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇත. ප්‍රජා ශා‍ලාවේ සවිකර තිබෙන විදුලි පංකා ද දිරාපත්වෙමින් පවතින බව ප්‍රදේශවාසීහු පවසති. පසුගිය දා පැවැති ඉමදුව ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටු රැස්වීමේදී මේ නව ගොඩනැගිල්ල ජනතා අයිතියට පත්කරන්න යැයි එහි සභාපති නිපුණතා සංවර්ධන හා වෘත්තිය පුහුණු ඇමැති චන්දිම වීරකකොඩි මහතා උපදෙස් ලබාදුන් අතර තවමත් එය ජනතා අයිතියට පත් කිරීමට නොහැකි වී තිබේ. ජනතා මුදල් මෙසේ අපතේ නොයවා හැකි ඉක්මනින් මේ ප්‍රජා ශාලාව අදාළ කොන්ත්‍රාත්කරු ලවාම නැවත සාදවා ජනතා අයිතියට පත්කරන ලෙස ප්‍රදේශවාසීහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති

නව අදහස දක්වන්න