උණවටුන බොනවිස්ටාවේ වැඩිහිටියන්ට පෝදා සත්කාර | දිනමිණ

උණවටුන බොනවිස්ටාවේ වැඩිහිටියන්ට පෝදා සත්කාර

උණවටුන බොනවිස්ටා වැඩිහිටි නිවාසයේ වැඩිහිටියන් 176 දෙනකුගේ කොණ්ඩ රැවුල් කපා නාවා පිරිසිදු කිරිමේ ප්‍රජා සත්කාරයක් පසුගිය ඉල් පුන් පෝදා එම වැඩිහිටි නිවාසයේදී සිදුවිය.

ගාල්ල තරංගා රියදුරු පාසලේ අධිපති ආනන්ද කාරියවසම් සහ ගාල්ල හිටපු නාගරික මන්ත්‍රී දුමුදු කාරියවසම් යන මහත්වරුන්ගේ ධන පරිත්‍යාගයෙන් මේ

ප්‍රජා සත්කාරය සිදු කරන ලදී. වැඩිහිටියන් වෙනුවෙන් කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් වෛද්‍ය සායනයක් ද

පැවැත්විය. එහිදි අසනීපවලින් පෙළෙන වැඩිහිටියන්ට අවශ්‍ය බෙහෙත් වර්ගද ආනන්ද කාරියවසම් මහතාගේ අනුග්‍රහයෙන් ලබා දෙන ලදී. මාතර ඩ්‍රීම්රොන් කොල්ජ් ඔෆ් ආර්ට් ඇන්ඩ් බියුටි සෙන්ටර් ආයතනයේ පුහුණුව ලැබූ තරුණ තරුණියන් වැඩිහිටියන්ගේ කොණ්ඩ සහ රැවුල් කැපීමේ සත්කාර්ය ඉටු කළහ.

හිටපු මහාධිකරණ විනිසුරු චන්ද්‍රසේන රාජපක්ෂ, ගාල්ල තරුණ බෞද්ධ සංගමයේ සභාපති සරත් ඩයස්, උප සභාපති එම් එස් චන්ද්‍රසිරි, ඩ්‍රිම්රෝන් කොලේජ් ඇන්ඩ් ආර්ට් බියුටි සෙන්ටර් ආයතනයේ දේශක මධුර වීරසිංහ, එම ආයතනයේ කළමනාකාරිනී කේ. එච්. නයෝමි දමයන්ති මහත්ම මහත්මීහු ද මීට සහභාගී වූහ.

අහංගම සමූහ රවිදු ලසිත දීයගහගේ

නව අදහස දක්වන්න