අදත් පෙට්‍රල් මෙ.ටො 3000 ක් වෙ‍ළෙඳපොලට | දිනමිණ

අදත් පෙට්‍රල් මෙ.ටො 3000 ක් වෙ‍ළෙඳපොලට

අද(08) දිනයේත් පෙට්‍රල් මෙට්‍රික් ටොන් 3000ක් වෙ‍ළෙඳපොලට බෙදාහැරීමට පියවර ගන්නා බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශය පවසයි.
 
ඊයේ(07) දිනයේද මෙට්‍රික් ටොන් 3000ක පෙට්‍රල් තොගයක් ඉන්ධන හල් වෙත බෙදා හැරි බව එම අමාත්‍යංශය පවසයි.
 
දෛනික අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 2500ක් වුවද පෙරේදා දිනයේද පෙට්‍රල් මෙට්‍රික් ටොන් 2600ක ප්‍රමාණයක් ඉන්ධන හල් වෙත යොමු කෙරුණු බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශය පැවසීය.

නව අදහස දක්වන්න