ට්‍රම්ප්ගේ යුද මුක්ත කලාපයේ සංචාරය අවලංගුයි | දිනමිණ

ට්‍රම්ප්ගේ යුද මුක්ත කලාපයේ සංචාරය අවලංගුයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර යුද මුක්ත කලාපයේ සිදු කිරීමට නියමිතව තිබූ සංචාරය අවලංගු කර තිබේ.

අධික මීදුම් සහිත කාලගුණික තත්වය ඊට හේතුව වේ. යුධ මුක්ත කලාපය ආශ්‍රිතව අයහපත් කාලගුණික තත්වයක් පවතින බව මාධ්‍ය වාර්තා කර ඇත.

න්‍යෂ්ටික අර්බුදය විසඳා ගැනීමට සාකච්ජා මේසයට පැමිණෙන්නැයි, අමෙරිකානු ජනාධිපතිවරයා උතුරු කොරියාවට ආරාධනා කර සිටියේය. ඒ ආසියානු අටවල සංචාරය අතරතුරය.

උතුරු කොියාව සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි ප්‍රතිපත්තිය තරමක වෙනසකට ලක්ව ඇති බව මාධ්‍ය විශ්ලේෂකයන් පවසා සිටී.

ජනාධිපතිවරයා දකුණු කොරියානු අගමැති මූන් ජේ ඉන් සමග සාකච්ජාවකට ද එක්විය. උතුරු කොරියාවට එරෙහිව බලපෑම් වැඩි කරන්නැයි, නායකයින් දෙපළ එහිදී චීනයෙන් හා රුසියාවෙන් ඉල්ලා සිටියේය.

නව අදහස දක්වන්න