එස්.ආර්. මෙටල්ස් සමාගම NCE රිදී සම්මාන දිනයි | දිනමිණ

එස්.ආර්. මෙටල්ස් සමාගම NCE රිදී සම්මාන දිනයි

 ශ්‍රී ලංකාවේ තඹ හා ඇළුමිනියම් නිෂ්පාදනයෙන් දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන එස්. ආර්. මෙටල්ස් සමාගම ජාතික අපනයන මණ්ඩලය සංවිධානය කළ NCE අපනයන විශිෂ්ටතා 2017 සම්මාන උළෙලේ දී මහා පරිමාණ අංශයේ කාර්මික ක්ෂේත්‍රයේ බර ඉංජිනේරූ නිෂ්පාදන අංශයේ රිදී සම්මානයෙන් පිදුම් ලැබීය. එසේම එස්. ආර්. මෙටල්ස් සමාගම ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ ජනාධිපති අපනයන සම්මාන ප්‍රදානෝත්සවයේ දී තඹ හා ඇළුමිනියම් නිෂ්පාදන අංශයෙන් වැඩිම වටිනාකමක් එකතු කළ අපනයනකරුවා ලෙස 2013 හා 2014 වර්ෂවල දී ජනාධිපති අපනයන සම්මානවලින් ද පිදුම් ලැබීය.

දශක කිහිපයක් පුරා පාරිභෝගික විශ්වාසය ඉහළින්ම දිනා ගනිමින් ව්‍යාපාරවල නිරත වන එස්. ආර්. මෙටල්ස් සමාගම වැඩි වශයෙන් තඹ හා ඇළුමිනියම් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය සඳහා නිෂ්පාදන කරයි. සියලුම තඹ හා ඇළුමිනියම් ආශ්‍රිත නිෂ්පාදන දේශීය අමුද්‍රව්‍ය උපයෝගී කර ගනිමින් ජාත්‍යන්තර ප්‍රමිතීන් යටතේ නිෂ්පාදනය කරන අතර, ඒ සඳහා අවශ්‍ය කර්මාන්ත ශාලා ඉදිකිරීමට විශාල ප්‍රාග්ධනයක් වැය කර, සේවක සේවිකාවන් රැසකට රැකියා අවස්ථා රැසක් ද උත්පාදනය කර ඇත.

බොහෝ නිෂ්පාදන මෙරටට ආනයනය කරන සමයක දේශීය නිෂ්පාදන අපනයන කරමින් දේශීය ආර්ථිකය සංවර්ධනයට එස්. ආර්. මෙටල්ස් සමාගම දක්වන දායකත්වය සුවිශාල වන අතර, එය ශ්‍රී ලංකාව තුළ දේශීය නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැඟීමට හේතු වේ. තඹ හා ඇළුමිනියම් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය ඉහළ නැංවීමෙන් දේශීය ආර්ථිකය ගොඩනැඟීමට දක්වන දායකත්වය වැඩි කිරීමට එස්. ආර්. මෙටල්ස් සමාගමේ හිමිකරු එස්. එෆ්. රොබින්සන් මහතා බලාපොරොත්තු වේ. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...