රාජපක්ෂගේ පොහොට්ටුව දැන් කැලි තුනකට කැඩී ගිහින් | දිනමිණ

රාජපක්ෂගේ පොහොට්ටුව දැන් කැලි තුනකට කැඩී ගිහින්

මහින්ද රාජපක්ෂගේ පොහොට්ටුව දැන් කැලි තුනකට කැඩී ගොස් ඇති බවත් ව්‍යවස්ථා වෙනසක් සඳහා ඡන්ද දුන්නොත් වෙඩි තියන්න ඕනෑ යැයි කිව් කතාවට ජනතාව දැඩිසේ බිය වී සිටින්නේ යැයි බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මීරිගම ආසන සංවිධායක සංජය සිරිවර්ධන මහතා පෙරේදා( 9) නිට්ටඹුවේ දී පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මීරිගම ආසනයේ මධ්‍ය සංවිධානය පැවැත් වූ මාධ්‍ය හමුවේ දී ඒ මහතා මේ අදහස් දක්විය.

ආසන බල මණ්ඩල සාමාජික ශාන්ත ගීතදේව මහතා ජාතික ලැයිස්තු අපේක්ෂකයකු ලෙස පත් කළ ලිපිය භාරදීමද මෙහි දී සිදු විය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ සිරිවර්ධන මහතා මෙසේද පැවසිය.

මීරිගම ආසනය මේ වනවිට ඉදිරි පියවර ගණනාවක් තබා අවසානයි.ඒ නිසා ඉතාමත් සතුටින් එළඹෙන පළාත් පාලන මැතිවරණයට අපිට මුහුණ දෙන්න පුළුවන්. ඒ සඳහා හොද අපේක්ෂකයන් 29 ක් මේ වනවිට තෝරාගෙන තියෙනවා. විශ්‍රාමික විදුහල්පතිවරුන්, බැංකු කළමනාකරුවන්, රණවිරුවන් වැනි ජනප්‍රිය චරිත සමඟ විශේෂ වැඩ සටහන් ගණනවක් ඉදිරියේ දී ක්‍රියාවට නංවා ගම දියුණු කරන්න අපි පියවර ගන්නවා.

පොහොට්ට්ව සමඟ එකතු වී ඉන්න ප්‍රධාන පෙළේ බොහොමයක් දෙනා දැන් අපි සමඟ සම්බන්ධ වන්න සාකච්ඡා කරමින් ඉන්නවා. ජනපතිතුමන් ඊයේ කළ ප්‍රකාශයත් සයිටම් ගැටලූම ගැන, බැදුම්කරය ගැන එතුමා ගත් තීන්දු තීරණත් එක්ක පොහොට්ටුවේ පිරිස අප සමඟ ඒකරාශී වෙන්න පටන් අරන්.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා යුද්ධය ජයගත් නායකයා හැටියට ජනතාවගේ නැඹුරුවක් තිබුණා. එතුමාට ඒ තත්ත්වයට එන්න පුළුවන් වුණේ ශ්‍රී ලංකා නිදහස් පකෂ්‍ය නිසයි. නමුත් ඒ බව අද එතුමාට අමතක වෙලා තියෙනවා.

මෛත්‍රීපාල ජනපතිතුමා රටේ දෑවැන්ත අර්බුද විසදා ගනිමින් යහපාලනය තුළින් සංවරධනයක් ක්‍රියාවට නංවනවා. ඒ සමඟම ජනතාවට නිදහසේ දිවි ගෙවන්න පුළුවන් වාතාවරණයක් ඇති කළා. ව්‍යාපාරයක් කරන්න පුළුවන් තත්ත්වයක් උදා කළා. නමුත් පසුගිය කාලයේ රටේ ව්‍යාපාර බෙ දී ගියේ පවුලේ අතළොස්සක් දෙනා අතරයි. ඒ බව අමතක කරන්න එපා. මේ වෙනස ඇති කළ නිසාම රටට වැඩක් කරන්න පුළුවන් නායකයෙක් හැටියට මෛත්‍රිපාල ජනපති ජනතාව පිළි ගන්නවා.

බැද්ම්කර සිද්ධිය ගැන කතා කරද් දී මුදල් ඇමැති අස් කරන්න පුළුවන් කියා කවුරුත් හිතුවේ නැහැ. ජනපතිතුමා පාක්ෂිකයන්ට ගෞරවයක් ඇති කළා. රටේ හොඳ සංවර්ධනයක් කරගෙන යන්න පියවර අරන්. එතුමා රට ගැන හිතන නිසාම කෘෂිකර්මයට මුල් තැන දුන්නා. ඒ නිසාම වසර විස්ස තිහ පුරන් වෙච්ච කුඹුරු අද සශි‍්‍රක ගොව් බිම් වෙලා ඉවරයි.

රට ඉදිරියට ගෙන යන්න පුළුවන් පැහැදිලි රාජ්‍ය නායකයා තමන් බව මෛත්‍රීපාල ජනපති පෙන්වා දී තියෙනවා. ඒ බව රටේ ජනතාව මේ වනවිට විශ්වාසනීයව තහවුරු කර තියෙනවා.

යහ පාලනය හදන්න ගිය ගමනෙන් එක්සත් ජාතික පාක්ෂිකයන් පස්සට ගියා. ඒ නිසාම ඒ පාක්ෂිකයන්ද මේ වනවිට අපි සමඟ අත්වැල් බැද ගන්න සූදානම් වෙලා. රටට නායකත්වය දෙන්න පුළුවන් එකම නායකයා මෛත්‍රිපාල සිරිසේන මහතා බව ජනතාව තීරණය කර අවසානයි.

මහින්ද රාජපක්ෂගේ නොපිපෙන පොහොට්ටුවේ මේ වනවිට වෙල්ගම, බැසිල්, ගෝඨාභය කියා කණ්ඩායම් ක්‍රියාත්මකයි. ඒ අතරින් ගෝඨාභයගේ කල්ලිය නව ව්‍යවස්ථාවට ජන්දේ දුන්නොත් වෙඩි තියන්න ඕනෑ කියනවා. අපේ ළමයි ජනතාව මේවාට බය වෙලා.

මීරිගම ආසන බල මණ්ඩල සාමාජික ශාන්ත ගීතදේව මහතා-

ජරා ජීරණ වූ දේශපාලනයට එන්න මගේ බලාපොරොත්තුවක් ප්‍රසාදයක් තිබුණේ නැහැ. නමුත් දේශපාලනයෙන් තොරව රටක් ගොඩනැගීම හෝ කඩා වැටීම සිදු නොවන බව මම තේරුම් ගත්තා. ඒ නිසාම අන්තිමේ ජනපතිතුමන් ගේ ගමන් මගට ශක්තියක් වෙන්න රට වෙනුවෙන් යමක් කරන්න මේ ගමනට එක් වුණේ. ජනපතිතුමන් ගැන තියෙන දැඩි විශ්වාසය නිසයි. එතුමා මේ රට නිවරදි මාවතට ගෙන යන එක සිකුරුයි.

මීරිගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී අජිත් තිලකරත්න මහතා-

දෙපැත්තේ වැරදි කියමින් ඉන්නා යුගය අවසාන කරමින් නව යුගයක් කරා රට ගෙන යන්න ප්‍රධාන පකෂ දෙක එකතු වුණා. මේ රටේ ස්වාධිනව ඉදලා ජනතාවට සේවයක් කරන්න විදියක් නැහැ. ඒ නිසාම ජනපතිතුමන්ට ශක්තියක් වෙන්න මම තීරණය කළා. ඔබේ ජන්දය පොහොට්ටුවට දීලා ඡන්දය අපතේ නොයවන ලෙස ඉල්ලා සිටිනවා.

මීරිගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ඒ.පී. අනිල් සම්පත්, මීරිගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ජීවන් ආරියරත්න, කාන්තා සංවිධානයේ සභාපති නීලූෂා සිරිවරධන, නීල් රංජිත් ගජසිංහ, ෂෙල්ටන් මැද්දෙපොළ, සුරේකා සදමාලි, කුමාරි හාමි දිසානායක, නිලන් මංජුල ජයසිංහ, ලක්ෂ්මන් පණ්ඩිතරත්න, මැණික් චතුරාණි, රහුමන් අලි යන මහත්ම මහත්මීන් ඇතුල් කීප දෙනෙක් මෙහි දී අදහස් දැක් වූහ. 

කොටදෙනියාව සමූහ

නව අදහස දක්වන්න