පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාව ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ | දිනමිණ

පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාව ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ

සියලුම පළාත් පාලන ආයතනවලට අදාළ සභික සංඛ්‍යාව ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කර ඇති බව රජයේ මුද්‍රණාලය පවසයි.

රජයේ මුද්‍රණාලයාධිපතිනී ගංගානි ලියනගේ සඳහන් කළේ අද පෙරවරුවේ අදාළ ගැසට්පත්‍රය නිකුත් කළ බවයි.

2043/56 සහ 57 යන අංක යටතේයි අදාළ ගැසට් පත්‍රය ප්‍රසිද්ධියට පත් කර ඇත්තේ.

පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාව සහ නුවරඑළිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයෙහි නෝවුඩ් සහ මස්කෙළිය යනුවෙන් ප්‍රාදේශීය සභා දෙකක්ද අඹගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ආගරපතන සහ කොටගල යනුවෙන් ප්‍රාදේශීය සභා දෙකක්ද අලුතින් පිහිටුවීමට අදාළව මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

 

නව අදහස දක්වන්න