ද්විත්ව පුරවැසිභාවය නැතැයි ඔප්පු කරන්න දිවුරුම් ප්‍රකාශයක් | දිනමිණ

ද්විත්ව පුරවැසිභාවය නැතැයි ඔප්පු කරන්න දිවුරුම් ප්‍රකාශයක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද්විත්ව පුරවැසිභාවය සහිත අය නොවන බවට තහවුරු කර ගැනීම සඳහා වෙනත් රටක පුරවැසිභාවයක් නොමැති බවට දිවුරුම් ප්‍රකාශයක් ලබා ගැනීමට කටයුතු කරන ලෙස කථානායකවරයාට ලිපියක් යොමු කරමින් ඉල්ලා තිබේ.

ඒ නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වන ජනතා ක්‍රියාකාරීත්වය නොහොත් පැෆරල් සංවිධානය විසින්.

එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ, රෝහණ හෙට්ටිආරච්චි අදාළ ලිපිය මගින් ඉල්ලා සිටියේ එවැන් දිවුරුම් ප්‍රකාශයක් ලබා ගැනීමෙන් සමාජ සැකය දුරු කිරීමට හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ගෞරවය ආරක්ෂා කිරීමටත් හැකි බවයි.

 

නව අදහස දක්වන්න