ඉදිරියේදී වැස්ස අඩුවේ | දිනමිණ

ඉදිරියේදී වැස්ස අඩුවේ

වැසි තත්ත්වය ඉදිරි දිනවලදී තාවකාලිකව අඩුවේ යයි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දිවයින හරහා, විශේෂයෙන්ම මධ්‍යම, උතුරුමැද සහ දකුණු පළාත්වල විටින් විට හමන තරමක් තද සුළං බලාපොරොත්තු විය හැකි බව ද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

දකුණු, බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වලත් මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිපයක් ඇති හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

නව අදහස දක්වන්න