විනීත රියැදුරන් තේරීමේ මිනුවන්ගොඩ වැඩසටහන | දිනමිණ

විනීත රියැදුරන් තේරීමේ මිනුවන්ගොඩ වැඩසටහන

කොටදෙනියාව සමූහ එම්.පී. කුමාර
නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා රයැදුරකුට ත්‍යාග පිරිනමමින්

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ සංකල්පයක් මත පොලිසිය සහ මහජනතාව අතර සම්බන්ධතාව වර්ධනය කිරීමේ අරමුණ ඇතිව ක්‍රියාත්මක වන විනීත රියැදුරන් තේරීමේ වැඩසටහන් මාලාවේ වැඩසටහනක් පසුගියදා බස්නාහිර පළාත උතුර භාර නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතාගේ ප්‍රධානත්වයෙන් මිනුවන්ගොඩ නගරයේදී පැවැත්විණි.

පොලිස් නිලධාරීන් විසින් තෝරා ගන්නා ලද විනීත ලෙස රියපැදවූ රියදුරන් 30 දෙනකු සඳහා මෙහිදී සංකේතාත්මකව ත්‍යාග වවුචර් පත් ප්‍රදානය කරනු ලැබීය. නියෝජ්‍ය පොලිස්පති රථවාහන චූලාද සිල්වා, ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මුදිත පුස්සැල්ල, මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් ලක්ශ්‍රීනි ගුණතිලක, මිනුවන්ගොඩ නගර සභා ලේකම් එච්.ඒ.එස්. රත්නලතා ගම්පහ සහකාර මෝටර් රථ කොමසාරිස් කසුන් ප්‍රමෝදිත් මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ

නව අදහස දක්වන්න