යාල රක්ෂිතයේ මුවන් බල්ලන්ගේ ගොදුරු වෙලා | දිනමිණ

යාල රක්ෂිතයේ මුවන් බල්ලන්ගේ ගොදුරු වෙලා

මිය ගිය මුවකු පරීක්ෂා කරන නිලධාරීන්

කතරගම යාල ජාතික වන උද්‍යානයට මායිම්ව ඇති කතරගම ඩිපෝව අසළ නිතර ගැවසෙන මුවන් රැසක් මේ වන විට බල්ලන්ගේ ගොදුරු බවට පත්වෙමින් පවති.

මේ මාසයේ දි පමණක් බල්ලන්ගේ සපා කෑම් වලට හසු වී මිය ගිය මුවන් දෙදෙනකු ගේ මළ සිරුරු වන ජීවී නිලධාරිනට හසුවිය. වැසිත් සමග කතරගම ඩිපෝව ආසන්නයේ නිතර මුවන් හා ඌරන් රංචු වශයෙන් ගැවසෙන අතර බල්ලන් විසින් කා දමන ලද මුවන් රැසකගේ ශරිර කොටස් විවිධ ස්ථානවලින් හමු වූ බව ප්‍රදේශවාසිහු පවසති.

බල්ලන් විසින් කා දැමූ මුවන් සම්බන්ධ කතරගම වන ජිවි අඩ වී ආරක්‍ෂක කාර්යාලයේ නිලධාරින් පැමිණ පරීක්‍ෂණ පැවැත්වීය.

කතරගම සංචාරක කේ. ඩී. දේවප්‍රිය

නව අදහස දක්වන්න