මැදයායේ නිවාස 2කට අලි ප්‍රහාර | දිනමිණ

මැදයායේ නිවාස 2කට අලි ප්‍රහාර

මහියංගණ අවට ගම්මාන රැසක මේ දිනවල උග්‍ර වන අලි හානි සිදු වීම හේතුවෙන් සාමාන්‍ය ජන ජීවිතය සම්පුර්ණයෙන්ම අඩාළ වී ඇති බවට ප්‍රදේශවාසිහු මැසිවිලි නගති.

පසුගියදා රාත්‍රියේද මහියංගණ මාපාකඩවැව, මැදයාය ගම්මානයේ මැදයාය නිවාස 2කට සහ රජයේ වී ගබඩාවක් අලි කඩා විනාශ ඇත.

පසුගිය දින වල වනජීවී නිලධාරින් විසින් වන අලි පන්නා දැමීමේ ක්‍රියාන්විත අවස්ථාවන් ගණනාවකදී සිදු කළ ද ඒවා නිසි ලෙස ක්‍රියාත්මක නොකළ බවත්, ගම්වැද සිටින අලි රෑන නිසි ලෙස යළි රක්ෂිතයන් දක්වා පන්නා නොදමන බවද, ගමකින් තවත් ගමකට අලි පන්නා දමා සිදු කරනා මෙහෙයුමෙන් වන ජීවී නිලධාරින් රාත්‍රිය එළඹීමත් සමඟ ඉවත් වීමෙන් එම ගම්මන ජන ජීවිතද මේ වන විට අඩාළ වී ඇති බවට ගම්වාසීහු චෝදනා කරති. පසුගිය සතිය පුරා ගම්වැද සිටින අලි පන්නාදැමීම වෙනුවෙන් සිදුකළ මෙහෙයුම් හේතුවෙන් වන අලි මේ වන විට ප්‍රපෝපකාරිව දැඩි ලෙස ගම්වාසින්ගේ දේපල වලට හානි සිදු කරන බව ගම්වාසීහු සඳහන් කරති. එලෙසම කරදර කාරි වන අලි අල්ලා රක්ෂිත වනාන්තර ප්‍රදේශ සදහා රැගෙන ගොස් සිදු මහියංගණ අවට ගම් සදහා සිදුවන කරනා විනාශයන් අවම කර දෙන ලෙස ගම්වාසීහු බලධාරින්ගෙන් ඉල්ලා සිටිති.

මාපාකඩවැව සමූහ එච්.එම්. රංජිත් කරුණාවීර 

නව අදහස දක්වන්න