මේ අයවැය හිඟන්නන්ට පවුඩර් ගානවා වගේ එකක් | දිනමිණ

මේ අයවැය හිඟන්නන්ට පවුඩර් ගානවා වගේ එකක්

යහපාලන ආණ්ඩුව බලයට පත්වෙලා දින 100ක සුරංගනා ලෝකයක් මිනිසුන්ට මවලා දුන්නා. එදා මහින්ද මහත්මයාගේ රජයේ සමයේ රු.65 හාල් අරන් කිරිබත් කැවා. ඒ කාපු අය ම අද 110/120 ට හාල් අරන් කැඳ බොනවා. මේ අයවැය

හරියට හිඟන්නාට පවුඩර් ගානවා වගේ වැඩක්. මේ අයවැය සම්පුර්ණයෙන් හිස් අයවැයක් යැයි කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය. ඒ මහතා එසේ කීවේ

දොඩන්ගොඩ කලාපයේ පෙර පාසල් සඳහා එහි ප්‍රා. ලේ. කාර්යාලයේ පැවති උත්සවයක දීය. මන්ත්‍රීවරයා මෙසේ ද කීය.

අද මේ රජය ගෙනියන්නේ මත්තල ගුවන්තොටුපළ හම්බන්තොට වරාය සහ අනාගතයේ තවත් රාජ්‍ය දේපළ විකිණීමට සැලසුම්කර ඇති මුදලින් තමයි. ඒ කාලයේ සම්පුර්ණයෙන් ම විදුලියෙන් ක්‍රියාකරන මෝටර් රථයක් සඳහා බදු වශයෙන් අය කළේ රු. දෙලක්ෂ හාරදාහයි. එම මුදල මෙම රජය බලයට පත් වු පසු

ලක්ෂ විසිහත්දාහස් අසුපන්දාහක් කළා. එසේ වැඩි කළ බදු මුදලින් අද ලක්ෂ 10ක් අඩු කර ජනතාව මුළා කරනවා.

එසේම ඉදිරි පළාත් පාලන මැතිවරණ සඳහා එ්කාබද්ධ විපක්ෂය මහින්ද මහතාගේ නායකත්වය යටතේ අප සමඟ එක් වන සියලු පක්ෂ සමඟ පෙරමුණක් ගොඩනැඟීම සඳහා දැනටමත් පියවර ගෙන තිබෙනවා. ඒ සඳහා එජාප අයටත් එක්වීමට පුළුවන්. අද මේ රජය ගෙනියන්නේ පාර්ශ්ව 4ක් එක් වෙලා. එහි ශ්‍රී ලංකා - එජාප - ටී.එන්.ඒ. - ජේ.වී.පී එකතු වෙලා. එහි අලි - කොටි - නරි - වලස්සු ඉන්නාවා. දැන් ජේවිපි එක එළියට ඇවිත් බොරුවට කෑගැහුවාට ජේවිපිඑක ඉන්නෙත් ආණ්ඩුව එක්කයි.

කළුතර මධ්‍යම සමූහ

නව අදහස දක්වන්න