ජාතික ආරක්ෂාව තහවුරු වී තිබෙනවා | දිනමිණ

ජාතික ආරක්ෂාව තහවුරු වී තිබෙනවා

විජයානි එදිරිසිංහ

ජාත්‍යන්තර සංවිධාන පිළිගෙන ඇති බව පොලිස්පති කියයි

මෙරට ජාතික ආරක්ෂාව සම්පූර්ණයෙන් තහවුරු වී ඇති බැවින් එක්සත් ජාතීන්ගේ සංවිධානය ජාත්‍යන්තර පොලීසිය ඇතුළු වෙනත් ජාත්‍යන්තර ආරක්ෂක සංවිධාන රැසක් එම ආරක්ෂක තත්ත්වය ඉහළින්ම පිළිගෙන ඇති බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසයි.

ත්‍රස්තවාදය, ජාතිවාදය, අයි.එස්.අයි. එස්, ආගම්වාදය, බෙදුම්වාදය, ඇතුළු අන්තවාදි තත්ත්වයන් මෙරට තුළ නොමැති බවද ජාත්‍යන්තර පොලිසිය සහ වෙනත් ආරක්ෂක අංශ තහවුරු කර ඇති බවත් පවසන පොලිස්පතිවරයා මේ වන විට ජාතයන්තර පොලිසිය සහ වෙනත් ආරක්ෂක අංශ රැසක් ඔවුන්ගේ ජාත්‍යන්තර ආරක්ෂක සමුළු සහ සාකච්ජා රැසක් මෙරට තුළ පැවැත්වීම සැළසුම් කර ඇති බවද කියා සිටියේය.

තවද එම රටවල් තුළ ලංකාවේ අනන්‍යතාවද පැහැදිලිවම තහවුරු වී ඇති හෙයින් ලෝකයේ රටවල් රැසකින් සමන්විත ජාත්‍යන්තර පොලිසියේ ඉතාමත් වැදගත් සාකච්ජාවන් ගණනාවක් පසුගිය කාලය තුළ පැවැත්විණි.

2016 වසරේ සිට මේ දක්වා එවැනි ආරක්ෂක සමුළු සහ සාකච්ජා ගණනාවක් පැවැත්විමට මෙරට තෝරාගෙන තිබුණි .ඉදිරියටත් එවැනිම ඉතාමත් ජාත්‍යන්තර වශයෙන් ඉතාමත් රහසිගතව තින්දු තිරණ ගන්නා තවත් ජාත්‍යන්තර පොලිස් සාකච්ජා ගණනාවක් ඉදිරියේදි පැවැත්වෙයි.

මේ අතර දේශසිමා ආරක්ෂණය සඳහා නිති සැකසීම මගින් දකුණු සහ අග්නිදිග ආසියාවේ සංක්‍රමණික ජාවාරම් මැඩලීම ,සඳහා කලාපීය විශේෂඥයන්ගේ සමුළුව ඊයේ මෙරටදී ආරම්භ කෙරිණි.

ඊට අමතරව තවත් එවැනිම ජාත්‍යන්තර පොලිස් බුද්ධි අංශ ප්‍රධානින්ගේ විශේෂ සාකචිජාවක් ලබන සතියේදිද මෙරට පැවැත්විමට නියමිතව ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම , මිනිස් ජාවාරම, සයිබර් අපරාධ වැනි ජාත්‍යන්තරව සිදුවන බොහෝ භයානක අපරාධ මෙරටින් එතරම් බරපතළ ලෙස වාර්තා වී නොමැත.

ඒ අතර මිනිස් ජිවිතවලට දේපොළවලට සහ වෙනත් ආකාරයකින් ජාත්‍යන්තර රටවල්වලට අද වන විට මුහුණ පෑමට සිදුවි ඇති භයානක තත්ත්වයන්වලට මෙරටට මුහුණ පෑමට සිදුවී නොමැත.

එම නිසා ජාත්‍යන්තරය අද වන විට මෙරට ආරක්ෂක තත්ත්වය පිළිබඳව දැඩි විශ්වාසයක් තබා ඇති බවත් ඔවුන් මෙරට ඔවුන්ගේ ජාත්‍යන්තර විශේෂ ආරක්ෂක සමුළු සහ සම්මන්ත්‍රණ සඳහා යොදා ගන්නේ එම විශ්වාසය තුළ බවත් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ‍ලෝකයේ අන්තවාදි තත්ත්වයන්ට මුහුණ දෙමින් ඉන් බැට කණ ලෝකයේ බොහෝ රටවල් මෙරට ආරක්ෂක තත්ත්වය පිළිබඳව ත් එම ආරක්ෂක තත්ත්වය නොසැළෙන ලෙස පවත්වාගෙන යන රජයත් ‍ආරක්ෂක අංශ පිළිබඳවත් ඉතා විශ්වාසයෙන් යුතුව කතා කරන බවත් ‍පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඊයේ පොලිස් මූලස්ථානයේ පැවැති මාධ්‍ය ආවරණයකින් පසු මාධ්‍ය පොලිස්පතිවරයා මුණ ගැසි ජාත්‍යන්තර ආරක්ෂක සමුළු මෙරට මේ තරම් පැවැත්වීම සම්බන්ධයෙන් කරුණු විමසූ අවස්ථාවේ මේ ආකාරයෙන් කරුණු පැහැදිලි කරමින් කියා සිටියේය. 

නව අදහස දක්වන්න