රාජ්‍ය සේවක වැටුප් 15%කින් වැඩිවෙයි | දිනමිණ

රාජ්‍ය සේවක වැටුප් 15%කින් වැඩිවෙයි

ස්වර්ණා විජේකෝන්
රෝෂන් තුෂාර
චමීර ඇල්ලදෙණිය

2018 වසරේ ජනවාරි මස සිට රාජ්‍ය සේවකයන්ගේ වැටුප සියයට පහළොවකින් වැඩිවන බව ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන මහතා පාර්ලිමේන්තු‍වේ දී ඊයේ (14) පැවැසීය.

රාජ්‍ය සේවකයන්ගේ එම වැටුප් වැඩිවීම හා විශ්‍රාම වැටුප් වෙනුවෙන් රුපියල් බිලියන 12ක අතිරේක මුදලක් වාර්ෂිකව අවශ්‍ය වන බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

මෙම වැටුප් වැඩිවීම අනුව රාජ්‍ය සේවයේ පහළම සේවය වන කාර්යාල කාර්ය සේවකයාගේ සිට රාජ්‍ය සේවයේ ඉහළම වැටුප් දරන නීතිපතිවරයා දක්වා වැටුප් වැඩිවීම සිදුවන බවත් ඇමැතිවරයා පැවැසීය.

ඒ අනුව කාර්යාල කාර්ය සහායක සේවකයාගේ මූලික වැටුප රුපියල් 14,000 සිට රුපියල් 23,000 දක්වා වැඩි කෙරෙන බවත් නීතිපතිවරයාගේ වැටුප රුපියල් එක්ලක්ෂ දසදහස දක්වා වැඩිවන බවත් ඇමැතිවරයා සඳහන් කළේය. විශේෂඥ වෛද්‍යවරයකුගේ මූලික වැටුප 60,000 සිට රුපියල් 69,756 දක්වා වැඩිවන බවත් ඇමැතිවරයා පැවැසීය.වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා

2016 වසරේ දී කාර්යාල කාර්ය සහායක සේවකයකුගේ මූලික වැටුප රුපියල් 17,450ක් වුණා. 2017 වසරේ දී ඔවුන්ගේ වැටුප රුපියල් 20,575 ක් උනා.2018 වසරේ දී එම වැටුප 23600ක් වෙනවා.ඒ අනුව කාර්යාල කාර්ය සහයකයකුගේ වැටුප ලබන වසරේ දී රුපියල් 3075 කින් වැඩිවෙනවා.

නීතිපතිවරයාගේ වැටුප 2018 වසරේ දී 1, 10000 වෙනවා. එය රුපියල් දාහතර දහසක වැඩිවීමක්. ඒ අනුව කාර්යාල කාර්යාල සේවකයාගේ සිට නීතිපතිවරයා දක්වා සියයට පහළොවකින් වැටුප් වැඩිවෙනවා.

නව අදහස දක්වන්න