යාපනය ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනය 9 වැනි වරටත් | දිනමිණ

යාපනය ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනය 9 වැනි වරටත්

යාපනය ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනය වේගවත් සංවර්ධනයක් සහිත උතුරු පළාතේ පවත්වනු ලබන දැවැන්තම පාරිභෝගික ප්‍රදර්ශනය සහ වෙළෙඳපොළයි. එන වර්ෂයේ ජනවාරි මස 26 සිට 28 දක්වා මෙම

ප්‍රදර්ශනය පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර මෙවර එය පවත්වනු ලබන්නේ 9 වැනි වර්ෂයට වීම ද විශේෂත්වයකි. ‘උතුරු දොරටුව’ නමින් හැඳින්වෙන යාපනය ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනය යාපනය නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

යාපනය ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනය 2018 සංවිධානය කරනු ලබන්නේ ලංකා එක්සිබිෂන් ඇන්ඩ් කොන්ෆරන්ස් සර්විසස් (පුද්ගලික) සාමාගම විසිනි. යාපනය වාණිජ සහ කර්මාන්ත මණ්ඩලය මේ සඳහා සිය

සහයෝගීතාවය ලබා දෙන අතර යාපනය මහ නගර සභාව, ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශය සහ ජාත්‍යන්තර ව්‍යාපාර කවුන්සිලය මේ සඳහා සිය සහයෝගය ලබා දෙන ආයතන වේ.

මේ සඳහා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය, යාපනයේ ඉන්දියා කොන්සල් ජනරාල් කාර්යාලය, ඉන්දීය ASSOCHAM ආයතනය හා ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය අනුග්‍රාහකත්වය දක්වයි.

දේශීය මෙන්ම ජාත්‍යන්තර ප්‍රදර්ශන කුටි මෙවර ප්‍රදර්ශනයට අන්තර්ගත වන අතර පුළුල් පරාසයක අවශ්‍යතා සහ සේවා ඒවායින් ලබා ගැනීමේ හැකියාව පවතී. 2017 වර්ෂයේ පැවැති ප්‍රදර්ශනය නැරඹීමට 60,000ක්‍ට අධික

නරඹන්නන් ප්‍රමාණයක් පැමිණීම එහි සාර්ථකත්වයට හොඳම නිදසුනකි. පුළුල් පරාසයක පැතිරුණ ආයෝජකයින් සහ පුරවැසියන්ගේ ඉහළ අවධානයක් දිනාගත් අවස්ථාවක් ලෙසද මෙම ප්‍රදර්ශනය හැඳින්විය හැකිය.

යාපනය ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනයේ සමාරම්භක සභාපති සහ යාපනය කර්මාන්ත සහවාණිජ මණ්ඩලයේ හිටපු සභාපති කේ. පූර්ණචන්ද්‍රන් මහතා පවසන්නේ ව්‍යාපාරික ප්‍රජාවට යාපනයේ ඉදිරි සංවර්ධනය වෙනුවෙන් සිය

දායකත්වය ලබා දිය හැකි වැදගත්ම අවස්ථාවක් ලෙස මෙම ප්‍රදර්ශනය හැඳින්විය හැකි බවයි. ඉදිරි ආසන්න අනාගතයේදී යාපනය ප්‍රදේශයේ යටිතල පහසුකම් සංවර්ධනයෙහි විශාල සංවර්ධනයක් සිදුවන බව ඒ මහතා කියයි

නව අදහස දක්වන්න