පළාත් පාලන ඡන්ද විමසීම පවත්වන්න නෛතික බාධාවක් නැහැ | දිනමිණ

පළාත් පාලන ඡන්ද විමසීම පවත්වන්න නෛතික බාධාවක් නැහැ

පළාත් පාලන ඡන්ද විමසීම පවත්වන්නට දැන් නෛතික බාධාවක් නැතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.

නාම යෝජනා දිනය ලබන 17 වැනිදා පැවැත්වෙන කොමිසන් සභාවේ රැස්වීමේදී තීරණය කරන බවද පසුව තේරීම් භාර නිලධාරින්ට දැනුම්දෙන බවද ඒ මහතා කීය.

සභාපතිවරයා මේ බව සඳහන් කළේ දොඩම්ගොඩ මහා විද්‍යාලයේදී මාධ්‍යයට ඊයේ (14) අදහස් දක්වමිනි.

තේරීම් භාර නිලධාරින්ගේ රැස්වීමක් ලබන 16 වැනිදා හා සහකාර කොමසාරිස් හා නියෝජ්‍ය කොමසාරිස්වරුන්ගේ රැස්වීමක් ලබන 18 වැනිදා පැවැත්වෙන බවද දේශප්‍රිය මහතා පැවැසීය.

මෙවර ඡන්ද පොළේදීම ඡන්දය ගණන් කරන බවත් ජනතාව වගකීමෙන් ඡන්දය පාවිච්චි කළ යුතු බවත් සියලු දේශපාලනඥයින් වැදගත් වන අතර ඔවුන් සියලුදෙනා මනුස්සයන් බවත් මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.

කළුතර වි‍ෙශ්ෂ - සැම්සන් ප්‍රේමසිරි

නව අදහස දක්වන්න