ජාතික සේවක සංගමය වෙනුවෙන් කරන සුනිල් ද සිල්වා කරන සේවය අගයනවා | දිනමිණ

ජාතික සේවක සංගමය වෙනුවෙන් කරන සුනිල් ද සිල්වා කරන සේවය අගයනවා

චමීර ඇල්ලදෙණිය

වෘත්තීයය සමිති අත්දැකීම්වලින් ජාතික සේවක සංගමයේ කාර්ය කඩිසරව ඉටු කිරීමට සුනිල් ද සිල්වා මහතා කරන සේවය ඇගයිය යුතු බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

වෘත්තීය සමිති නායකයකු ග්‍රන්ථයක් රචනා කිරීමෙන් ඔහුගේ සහෘදයාංගම භාවයත් මානව හිතවාදීභාවයත් පෙන්නුම් කරන බව ද කාරියවසම් මහතා පෙන්වා දුන්නේය.

සුනිල් ද සිල්වා මහතා රචනා කළ ‘77 දරුවෝ‘ කෙටිකතා සංග්‍රහය එළි දැක්වීම වෙනුවෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පෙරේදා (13) පැවැති උත්සවයට එක්වෙමින් ඇමැතිවරයා මෙසේ පැවසීය.

සුනිල් ද සිල්වා විසින් රචිත ‘77දරුවො‘ කෘතිය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධනත්වයෙන් දොරටුවැඩීම සිදුවිණි.

අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද කීය.

සුනිල් ද සිල්වා මහතා පක්ෂයේ අමාරු කාලයේදීත් සිනාමුසු මුහුණින් කටයුතු කළ කෙනෙක්. බොහෝ අය පක්ෂය දාල යන විට පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් එතුමා පක්ෂය වෙනුවෙන් පෙනී සිටියා. ආණ්ඩුව පැමැණි විට එතුමා ජාතික සේවක සංගමයේ සබාපතිවරයා ලෙස පත්වුණාට පසුව මට එතුමා සමඟ ළඟින් ආශ්‍රය කරන්න පුළුවන් වුණා. ආණ්ඩුවක් පැමිණිවිට දී ජාතික සේවක සංගමයේ සභාපතිවරයා ලෙස පත්වූවට පසු විශාල ගැටලු පැමිණෙනවා.

මොකද වසර විස්සක කාලයක් විපක්ෂයේ ඉදලා පාක්ෂිකයන්ට සිදුවූ අසාධාරණකම් කියන්න එන්නේ ජාතික සේවක සංගමයේ සභාපතිවරයාටයි. එහිදී සුනිල් ද සිල්වා මහතා ශක්තිමත්ව කටයුතු කළා.

වෘත්තීය සමිති අත්දැකීම් නිසා එතුමට මේ කර්තව්‍ය හොඳින් කළා. වෘත්තීය සිමිති නායකයෙක් විදිහට එතුමා කෘතියක් ලිවීමත් සුවිශේෂියි. සුනිල්ද සිල්වා චරිතය ඇගයීමකට ලක් කළ යුතුයි.

මුදල් රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න මහතා- සුනිල් ද සිල්වා මහතා පාසල් කාලයේ සිටම මාගේ මිතුරෙක්. එතුමා නායකයකුවීම පිළිබඳ මට පුදුමයක් නැහැ. මොකද එතුමා පාසල් කාලයේ සිට ක්‍රිඩාවට, විවාදයන්ට, කෙඩෙට්වලට හා දේශාපලන කතිකාවට යොමු වූ පුද්ගලයෙක්. අද පාසල් සිසුන් දේශපාලනයෙන් ඈත් වෙලා. සමාජය මේ දශක හතරට බොහොමයක් වෙනස් වෙලා. එදා දේශපාලන චින්තනය ගැන සුනිල්ට අවබෝධයක් තිබුණා. සුනිල්ගේ දේශාපලන ක්‍රියාවලිය එක්සත් ජාතික පක්ෂය ලෙස අප අගය කරනවා.

මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා - ලංකා සමසමාජ පක්ෂයේ සාමාජිකයකු වන මා එක්සත් ජාතික පක්ෂ වෘත්තිය සමිති නායකයකු වන සුනිල් ද සිල්වාගේ කෘතියක් එළිදක්වන උත්සවයට සහබාගීවීම කතා කිරීම අගමැතිවරයා ගෙනයන සංහිඳියාවේ එක් අංගයක් ලෙසයි මා දකින්නේ. 1977 දී මගේ ප්‍රධාන කාර්යභාරය වුණේ 77 දරුවන් බිහිවීම වැළැක්වීමයි. ඒ සඳහා දැඩි පරිශ්‍රමයක් දැරුවා. එක්සත් ජාතික පක්ෂය එදා ප්‍රබල අයුරින් සිටියා.

දුර්වල වූ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සටන් බිමේ හිටියා. අපි 77 දරුවන් බිහිවීම වළක්වන්න උත්සාහ කළා. අපි ජනතාව වෙනුවෙන් ඒ පිළිබඳ කතා කළා. ඒ සඳහා බර්ට්‍රො රසල් යන නාට්‍ය වේදියාගේ නාට්‍යයක පරිවර්තනයක් මා භාවිතා කළා. එය බුදු දහම හා බැදි කතාවක්. මා එය විමුක්ති බණ කියා ජනතාවට ප්‍රකාශ කරමින් 77 දරුවා බිහිමීමට එරෙහිව කතා කළා.

ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා- සුනිල් මේ කෘතිය ගැන කතා කරන්න කියද්දි මම කල්පනා කළා අපේ රටේ කෘතියක් ලියන තිබෙන වෘත්තීය සමිති නායකයන් කවුද කියා.

සුනිල් කියන්නේ වෘත්තිය සමිති නායකයෙක්. වෘත්තිසමිති නායකයෙක් කියන්නේ අයිතිවාසිකම් ගැන කතා කරන කෙනෙක්. වෘත්තිය සමිතයක් හදන්නේ ඇයි කියා විදේශිකයකුගෙන් ඇහුවොත් කියයි සමුහ වශයෙන් කේවල් කරන්න කියා. වෘත්තිය සමිති ක්‍රියාත්මක කරන්න ජාත්‍යන්තරයෙන් නීති සකස් කර තිබෙනවා.

නමුත් සුනිල්ලේ මේ කෘතියේ කෙටි කතා එකොළහක් තිබෙනවා. එහිදී මේ කතාවේ වීරයා වන පුද්ගලයාගේ විශ්වවිද්‍යාලයේ දී සිදුවූ සිදුවීම් පෙළ ගස්වා තිබෙනවා. එම කතා කියවන විට සමහර විට සමාජ වෛරයක් ඇතිවේදෝයි මට සැකයක් තිබෙනවා. නමුත් එහි ස්වභායට විග්‍රහ කිරීමට ඔබට භාරයි. මෙහි එන අවසාන කෙටිකතාව වන 77 දරුවෝ කෙටිකතාව ඉතා සුමට විදිහට ලියා තිබෙනවා.

මොකද ජේ ආර් ජයවර්ධන මහතා විවෘත ආර්ථිකය හඳුන්වා දීම පිළිබඳ එහි ලියා තිබෙනවා. මා මේ කෙටි කතාව කියවද්දි ජේ ආර් මහත්තයා හිතන විදහට හිතන්න උත්සාහ කළා. එහිදි මහට මතක් වුණෙත් කෙසේ වුවත් තමන්ගේ තීන්දු ගනිද්දි ප්‍රජාතන්ත්‍රවාදීව කළානම් හොඳයි කියායි. නමුත් එදා විවෘත ආර්ථිකය බහිවුණ නිසා හොඳ අවස්ථා ඇති වූ බව කිව යුතුයි.

නැ‍ෙඟෙනහිර ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම, හිපටු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක, අගමැති අතිරේක ලේකම් සමන් අතාවුද හෙටිට මහත්වරු ඇතුළු වෘත්තීතය සමිති නායකයන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූප-සාලියරූපසිංහ 

නව අදහස දක්වන්න