ඔබට කොහොමද? | දිනමිණ

ඔබට කොහොමද?

නොවැම්බර් මස 15 සිට 21 දක්වා කාලය

මේෂ
ජනප්‍රියත්වයට පත්වේ

තම සේවා ස්ථානයේ හදිසි වෙනස්කම් සිදුවිය හැක. ප්‍රතිවාදීන් හා ගැටුම් ඇතිවේ. ජනප්‍රියත්වයට පත්වෙයි. ප්‍රභූන්ගෙන් හා දේශපාලඥයන්ගෙන් උපකාර ලබයි. වෙළෙඳ ව්‍යාපාරවල, හවුල් ව්‍යාපාරවල ප්‍රගතියක් පෙන්වයි. විදේශ ගමන් යෙදේ. විදේශීය මූලාශ්‍රවලින් ආදායම් ලබන්නන්ට හිතකර කාලයකි. වෘත්තීමය කටයුතුවලට අවහිරතා නැත. එහෙත් පරිපාලනමය අංශවල අයට යම් යම් වෙනස්කම් සිදුවිය හැක. පාසල් අධ්‍යාපනයට සුබයි. හදිසි ශෛල්‍යකර්මවලට ඉඩ ඇත. අත් හා උරහිස් අමාරු පෙන්වයි.

වෘෂභ
විදේශ ගමන් ප්‍රමාදයි

හදිසි ධන ලාභයක් ඇත. බහුවිද ආදායම්මාර්ග කරා යොමුවෙයි. අවශ්‍ය කටයුතු සඳහා ණය ලබාගැනීමට ද හැකියාව ඇත.

කොන්ත්‍රාත්, ව්‍යාපාර, බ්‍රෝකර් වැඩ ආදි ක්ෂේත්‍රවල නිරතවූවන් වැඩිපුර ආයෝජන ‍යොදවයි. ඔවුනට අවාසිදායක නැත. විදේශ ගමන් ප්‍රමාද වේ. තම සේවා ස්ථානයේදී මූලිකත්වය උසුලයි. එහිදී පරිපාලන තනතුරු ද තාවකාලිව ලැබිය හැකි. අධ්‍යාපනයට බාධා ඇතිවේ. වාසස්ථාන මාරුවීමකට ද ඉඩකඩ ඇත. ආමාශ, බෙල්ල, උගුර ආබාධ ඉස්මතුවිය හැක.

මිථුන
පදිංචියේ වෙනසක්

ශාස්ත්‍රීය කටයුතු, අධ්‍යාපන කටයුතු ආදියෙහි ප්‍රතිවාදින් අභිබවයි. අය පක්ෂය ඉදිරියෙන් ඇත. හදිසි මුදල් වාසි ලබයි. උසස් අධ්‍යාපනයට බාධා ගෙනදේ. පාසල් අධ්‍යාපනය සාර්ථක වේ. පෙම්වතුන්ට යහපත් කාලයකි. කලා කටයුතුවලින් ප්‍රගතියක් පෙන්වයි. ජනප්‍රියත්ව ඉස්මතුවෙයි. හදිසි වාසස්ථාන මාරුවක් සිදුවිය හැක. කොන්ත්‍රාත්, අඩමාන ව්‍යාපාරවලින් එහි නිරතවූවන්ට වාසි ලැබේ. විදේශිය මූලාශ්‍රවලින් ආදායම් ලබන්නන්ට සුබවේ. රුධිර දෝෂ ඇතිවිය හැක, ප්‍රවේශම්වන්න.

කටක
කලාවට සුබයි

රාජකාරි ගමන් බිමන් සේම පෞද්ගලික ගමන් බිමන් ද යෙදේ. ගෘහස්ථ පරිසරය හිතකරවේ. අධ්‍යාපනයේ ප්‍රගතියක් පෙන්වයි.

සෞන්දර්ය, ලේඛන ආදි ක්ෂේත්‍රවල නිරතවූවන්ට සුබ කාලයකි. අඹු සැමියන් අතර ගැටුම් ඇතිවිය හැක. වෘත්තීමය කටයුතු සාර්ථකවේ. විදේශීය මූලාශ්‍රවලින් ආදායම් ලබන්නන්ට වාසිදායක සතියකි. සෙම රෝග, රුධිර දෝෂ ඇතිවිය හැකිය.

සිංහ
අඹු - සැමි ගැටුම්

හදිසි ධනය මෙන්ම ලොතරැයි වාසනාව ද ගෙනදිය හැක. විදේශ මූලාශ්‍රවලින් ආදායම් ලබන අයට හිතකර කාලයකි.

බහුවිද ආදායම් මාර්ග සැලසේ. අධ්‍යාපනයට සුබ කාලයකි. රෝග නිවාරණ ශක්තියක් ද ඇතිවේ. ගැබිනි මාතාවන් ප්‍රවේශම් විය යුතුය. සමස්තයක් වශයෙන් අය පක්ෂය නරක නැත. පෙම්වතුන්ට සුබ කාලයකි. අඹු - සැමි ගැටුම් ඇතිවිය හැක. හවුල් ව්‍යාපාරිකයන් අතර ද ගැටුම් නිර්මාණය වේ. රුමෙටික් ආබාධ ඉස්මතුවෙයි.

කන්‍යා
හදිසි කෝපය

වෘත්තීමය කටයුතු සාර්ථක වේ. අය පක්ෂය යහපත්ය. බොහෝ කාර්යයන් උත්සාහයෙන් හා නුවණ මෙහෙයවා ඉටු කරගනී. සම්බන්ධීකරණ කටයුතුවලට යහපත්. වෘත්තීමය සහ වෙනත් ගැටුම් ඇති කර ගැනීමට සුබ කාලයක්. අධ්‍යාපනයෙන් යහපත් ප්‍රතිඵල ගෙනදේ. හදිසි කෝපය හටගනී. සියලුම වර්ගයේ කලා ක්ෂේත්‍රවල නිරතවූවන්ට යහපත් සතියකි. ගැටුම්වලට යෑම ප්‍රවනතාවයක් ද ඇතිවේ. ප්‍රවේශමෙන් කටයුතු කරන්න. රුමෙටික් ආබාධ තත්ත්වයක් ඇතිවිය හැක.

තුලා
ආකර්ශනය ඇතිවේ

ස්ව උත්සාහය ඵලදරයි. ආකර්ශනීය ගුණය ඇතිවේ. මූලිකත්වය ගනී. උසස් ප්‍රභූන්ගෙන්, ආගමික නායකයින්ගෙන්, දේශපාලඥයන්ගෙන් උපකාර ලබයි. විදේශීය මූලාශ්‍රවලින් ආදායම් ලබන්නන්ට යම් ප්‍රගතියක් පෙන්වයි. බහුවිද මූලාශ්‍රවලින් ද ආදායම් ලැබියහැක. අධ්‍යාපනයට සුබ කාලයකි. ව්‍යාපාර කටයුතු සඳහා හදිසි ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවේ. වකුගඩු, මූත්‍ර ආබාධ මතුවිය හැක.

වෘශ්චික
පුණ්‍ය කටයුතුවල යෙදේ

ස්ව උත්සාහයෙන් කාර්යයන් ඉෂ්ට කරගත හැකිය. සහෝදරයන්ගෙන් මිතුරන්ගෙන් උදව් උපකාර ලැබිය හැක.

නුවණ මෙහෙයවයි. හිමිවිය යුතු මුදල් කොටස් වශයෙන් හෝ ලැබීමට පටන් ගැනේ. ආයෝජන යොදයි. කලින් යෙදූ ආයෝජනවල ප්‍රතිලාභ ලබයි. පුන්‍ය කටයුතු, ආගමික කටයුතු සඳහා ධනයෙන් සහ ක්‍රියාවෙන් ද කැපවෙයි. දුර ගමන්, විදේශීය ගමන්, වන්දනා ගමන් යෙදේ. පෙම්වතුන්ට බාධා ඇතිවේ. ආමාශ ආබාධ ඉස්මතුවේ.

ධනු
නායකයන්ගෙන් උපකාර

ස්ව උත්සාහයෙන් බොහෝ කාරණා ඉෂ්ට කර ගැනීමේ බලය සේම වාසනාව ද බලපායි. අවාසිදායක තත්ත්වයන්ගෙන් ගැලවීමට, නීතිවේදීන්ගෙන්, දේශපාලඥයන්ගෙන්, ආගමික නායකයන්ගෙන් උපකාර ලබයි. වෘත්තීමය කටයුතුවල හදිසි වෙනස්කම් ඇතිවිය හැක. පර්යේෂණ කටයුතුවල සුබවේ.

වෘත්තීමය වශයෙන් කේළාම් ආදියට භාජනය වෙයි. සුබසාධන කටයුතුවල යෙදෙයි. තමා සතු වටිනා ලියකියවිලි හෝ පොත්පත් අස්ථානගත විය හැක. දියවැඩියාව ඉස්මතුවිය හැකිය.

මකර
විදේශීය ගමන්

පැරණි දේ හාරා ඇවිස්සීමට සිතේ. අත්‍යාවශ්‍ය භාරකාරත්වයක් ද බාර ගැනීමට සිදුවේ. ලබන ආදායමක් වෙතොත් ඉතිරිකරගැනීමට අපහසුවෙයි. ශාස්ත්‍රවේදීන්ගෙන්, උගතුන්ගෙන්, ඥාති සහෝදරයන්ගෙන් උපකාර ලබයි. හිමිවිය යුතු මුදලක් ඇත්නම් කොටසක් හෝ ලැබෙනු ඇත.

වෘත්තීමය වශයෙන් ව්‍යාපාර ආයෝජන යෙදීමට ද සිදුවේ. හදිසි දුර බැහැර ගමන් හෝ විදේශිය ගමන් සිදුවිය හැක. අධ්‍යාපනයට සුබයි. අත් හා උරහිස් රෝග ඇතිවේ.

කුම්භ
අධ්‍යාපනයේ ප්‍රගතියක්

පැරණි මිතුරන්ගෙන් උදව් ලබයි. ආයතනවල රැකියා කරන්නන්ට මාරුවීම් සමඟ උසස්වීම් ලැබිය හැක. රාජකාරියේදී බහුවිද කර්තව්‍යයන් ඉටු කිරීමට සිදුවේ.

හදිසි අනතුරු සිදුවිය හැක. අනතුරක් නිසා රෝහල්ගතවීමට සිදුවීමේ ඉඩකඩ වැඩිය. විදේශ මූලාශ්‍රවලින් ආදායම් ලබන්නන්ට සුබවේ. අධ්‍යාපන කටයුතුවල ප්‍රගතියක් පෙන්වයි. පෙම්වතුන්ට සුබ කාලවකවානුවක් නොවේ. කලා ක්ෂේත්‍රවල නිරතවූවන්ට සුබදායකය. ප්‍රතිවාදීන් අභිබවායයි. උදරාබාධ සෑදීමට ඉඩ ඇත. ප්‍රවේශම් වන්න.

මීන
හදිසි ධන ලාභ

ගන්නා තීන්දු තීරණ අවාසි විය හැක. තම වීර්ය, උත්සාහය පෙරදැරිකොටගෙන උසස්වීම්, ලබාගැනීමේ වාසනාව පිහිටා ඇත. අඩමාන ව්‍යාපාර, කොන්ත්‍රාත්වලින් පසුබෑම් ඇතිවේ.

එහෙත් හවුල් ව්‍යාපාර හා වෙනත් ව්‍යාපාර ක්ෂේත්‍රවලින් අලාභයක් නැත. හදිසි ධනවාසි ඇත. පාරිතෝෂිත දීමනා, හිඟ මුදල් ආදිය ලැබේ. අධ්‍යාපනයට හිතකර වටපිටාවකි.

පෙම්වතුන්ගේ හදිසි ගැටුම්, මතභේද පෙන්වයි. මංගල යෝජනා කටයුතුවලට සුබදායක වේ. දියවැඩියාව ඉස්මතු විය හැක.

ප්‍රවීණ ජ්‍යෙතිෂවේදී
පානදුරේ රෝහන් වීරරත්න


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...