රිවස් ගියර් එක වැරැදිලා කතක් යට කර මරා දාලා | දිනමිණ

රිවස් ගියර් එක වැරැදිලා කතක් යට කර මරා දාලා

රියැදුරු පුහුණුව ලබද්දී ආධුනිකයාට වාහනයේ ඉස්සරහ පස්ස මාරුවී කාන්තාවන් දෙදෙනකු යටකිරීමෙන් එක් කාන්තාවක් මරුමුවට පත්වීමේ සිද්ධියක් හෙළිවේ.මෙසේ මරුමුවට පත්වී ඇත්තේ මත්තේගොඩ නිවාස සංකීර්ණයේ පදිංචි චන්ද්‍රකා සුභාෂනි අබේපිටිය නැමති 60 හැවිරිදි කාන්තාවකි. තුවාල ලැබු අනෙක් කාන්තාව වූයේ කැලණිය මීගමුවපාර අංක 73 ලිපිනයේ පදිංචි මේනකා පෙරේරා නැමති 56 හැවිරිදි කාන්තාවකි.

ඇය මාතර මහ රෝහලට ඇතුළත්කර සිටියදී රෝහලින් පැනගොස් ඇත. පසුගිය15 වන දින සවස 3.10 ට පමණ මාතර වෙරළ පාරේ තානායම අසලදී සිදුවී ඇති සිද්ධිය මෙසේය.

කෝට්ටගොඩ තලල්ල දකුණ පදිංචි තරුණයකු රියැදුරු බල පත්‍රයක් ගැනීම සඳහා රියැදුරු පුහුණුව ලබාදෙන ආයතනයක වාහනයක් පදවමින් සිටඇත. මාතර තානායම අසලදී වාහනය පිටුපසට ගන්නා ලෙස පුහුණුකරු පැවසීමත් සමඟ මෙම පුද්ගලයාට පිටිපස්ස ඉස්සරහ අමතකවී කලබලයට පත්වී වාහනය පාලනය කරගැනීමට නොහැකිව වේගයෙන් ඉදිරියට ධාවනය වීමෙන් මහමඟ ගමන් කරමින් සිටි මෙම කාන්තාවන් දෙදෙනා වාහනයට යටවී ඇත. සිද්ධියෙන් තුවාල ලැබු කාන්තාවන් දෙදෙනා මාතර මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු චන්ද්‍රිකා සුභාෂනි අබේපිටිය නැමති 60 හැවිරිදි කාන්තාව සවස 3.15 ට පමණ මියගොස් ඇත. තුවාල ලැබු අනෙක් කාන්තාව රෝහලට ඇතුළත්කර සිටියදී රෝහලෙන් පැනගොස් ඇත. සිද්ධියට අදාළ රියපැදවු ආධුනිකයා වන කෝට්ටගොඩ තලල්ල දකුණ කඹුරුගමුවලන්ද පදිංචි අජිත් කුමාර සහ ඔහු පැදවූ රිය මාතර රථවාහන පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. මියගිය අයගේ මරණය පිළිබඳ හදිසි මරණ පරීක්ෂණය මාතර මහ රෝහලේදී පැවැත්විමට නියමිතව තිබුණි. 

මාතර සමුහ ඩබ්ලිව්.පී.ධර්මසේන

නව අදහස දක්වන්න