නාය යාමේ අවදානමෙන් බේරුවේවෙල කනිෂ්ඨය වසයි | දිනමිණ

නාය යාමේ අවදානමෙන් බේරුවේවෙල කනිෂ්ඨය වසයි

පාසල් භූමියෙහි නාය යාමේ අවදානමක් මතුවීමත් සමග ඉකුත් සින වසා දැමීමට සිදු වූ මුලටියන අධ්‍යාපන කලාපයට අයත් හක්මණ බේරුවේවෙල කන්ෂ්ඨ විද්‍යාල භුමිය පසුගිය දිනවල පැවති වර්ෂාවත් සමග මේ වන විට තවදුරටත් දැඩි ලෙස නාය යාමට ලක් වෙමින් පවතී.

හක්මන ඇල්ලෙවෙල හරහා කඹුරුපිටිය මහා මාර්ගය පසක ශීඝ්‍ර කදු බෑවුමක් පසුබිම්ව මේ විදුහල පිහිටා ඇත. මේ නායයාමත් සමග පාසල් ප්‍රවේශ මාර්ගයට අයත් පියගැට පෙළ හා ගොඩනැගිලි ආරක්ෂාවට ඉදිකර තිබු තාප්පයට ද බරපතළ හානි සිදු වී ඇති අතර පාසල් ගොඩනැගිල්ලක් ද මේ වන විට නායයෑම් ලකුණු පහළ වෙමින් තිබෙනු දක්නට ලැබෙයි. ඒ අනුව විදුහලේ භූමිය හා ගොඩනැගිලි ඉදිරියේ දී තවදුරටත් නාය යා හැකි බැව් ප්‍රදේශවාසීහු පවසති.

සිද්ධිය පිළිබදව මුලටියන කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා එම්. මධුමාලි දිල්ලිමුණි මහත්මිය - ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ උපදෙස් අනුව මෙහි ඉගනුම ලැබු දරු දැරියන් ආසන්න පාසල්වලට ඇතුළත් කළා. භූමියට පියගැට පෙළට හා තාප්පයට හානි සිදුව ඇතත් පාසලට අයත් උපකරණවලට කිසිදු හානියක් නෑ. ඒත් අප ඒවා ද ඉවත්කර ගත්තා. ඉදිරියේ දී තව දුරටත් නායයාම සිදු වුනොත් ගොඩනැගිල්ලකට ද හානි සිදුවිය හැකියි. අදාළ වගකිව යුත්තන් මේ පිළිබදව දැනුවත් කළා. ඒ අනුව කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා.

හක්මන විශේෂ ආර්. පීරිස්

නව අදහස දක්වන්න