රාස්සගල රෝහල වෙනත් තැනකට | දිනමිණ

රාස්සගල රෝහල වෙනත් තැනකට

නායයෑමේ අවදානම් හේතුවෙන් රාස්සගල ග්‍රාමීය රෝහල වෙනත් ස්ථානයක ඉදිකිරීමට සැලසුම් කර ඇති බව සබරගමු පළාත් හිටපු අධ්‍යාපන තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික ඇමැති භානු මුණිප්‍රිය මහතා පැවසීය.

පසුගිය දිනවල පැවති අධික වරුසාවත් සමඟ රාස්සගල රෝහලේ බිත්ති පිපිරීම හා භූමිය විශාල ලෙස ඉරිතැලීම හේතුවෙන් ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මඟින් රාස්සගල රෝහල මැදි අවදානම් තත්ත්වයේ ඇති බව දන්වා ඇති බව දන්වා තිබේ.

දැනට ආයුර්වේද ගොඩනැගිල්ලේ තාවකාලිකව රෝහල පවත්වාගෙන යන අතර එම ස්ථානයේ ඉඩ පහසුකම් ප්‍රමාණවත් නොවීමත් රෝහල කලින් තිබූ ස්ථානයට වෛද්‍යවරුන් යෑම් ප්‍රතික්ෂේප කර ඇති බැවින් රාස්සගල පැරණි දෙමළ විද්‍යාලය ඇති ස්ථානයේ රෝහල ඉදි කිරීම සඳහා තීරණය කර ඇති බවත් මෙම ඉදිකිරීම් කටයුතු ලබන මාසයේ ආරම්භ කරන බවත් ඒ සඳහා මුදල් ප්‍රතිපාදන ලබා දී ඇති බවද මුණිප්‍රිය මහතා වැඩිදුරටත් පැවසීය.

බළන්ගොඩ විශේෂ
සම්පත් ප්‍රියනන්දන 

නව අදහස දක්වන්න