පොඩි වැස්සටත් යටවෙන යටියන්තොට ටවුම | දිනමිණ

පොඩි වැස්සටත් යටවෙන යටියන්තොට ටවුම

නගරය හා අවට ප්‍රදේශවලින් ගලා එන ජලය කැලණි ගඟට බැස නොයාම හේතුවෙන් යටියන්තොට නගරයේ ස්ථාන රැසක් සුළු වැස්සකදීත් ජලයෙන් යටවන බවට නගර වැසියෝ චෝදනා කරති.

පසුගිය සතියේද යටියන්තොට නගරයේ සතිපොළ භූමිය , පරණ කොළඹ පාරද ජලයෙන් යටවූ අතර එම මාර්ගයේ වාහන ගමනා ගමනය පැය ගණනක් නතර වී තිබුණි . නගරයේ වෙළෙඳසල් කීපයක් හා නිවාස කීපයකටද ජලයෙන් හානි සිදුවූ බව නගරවැසියෝ පවසති.

සතිපොළ භූමියේ ජලය බැස යාමෙන් දින දෙකකට පසුව සතිපොළ පැවැත් වූ අතර පාරිභෝගිකයන් වෙනදාට වඩා අඩු වූ බවද වෙළෙන්දෝ පැවසූහ.

නගරයේ ජලය කැලණි ගඟට බැස යන බෝක්කුව අවහිරව පැවතීම නිසා නගරය ජලයෙන් යටවන්නට ඇතැයි වෙළෙඳ සල් හිමියෝ පවසති.

මේ පිළිබඳව යටියන්තොට ප්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක සංජීව අබේකෝන් මහතා මෙසේ පැවසීය. නිසි ප්‍රමිතියකින් තොරව පසුගිය කාලයේ ඉදිකර තිබූ බෝක්කුවක සිලින්ඩර් කඩා වැටිලා මේකෙ රොඩු හිරවෙලා ජලය ගලා යන්නෙ නෑ. පසුගිය දවස් වල සුළු වැස්සකටත් නගරයට යටවෙන්න මේකයි හේතුව.

යටියන්තොට විශේෂ
සමන් එස්. රත්නායක 


නව අදහස දක්වන්න

Or log in with...