පහේ හපනා දිනුකට උපන් ගමෙන් හරසර | දිනමිණ

පහේ හපනා දිනුකට උපන් ගමෙන් හරසර

කොච්චිකඩේ විශේෂ - ඩී. මිහිදුකුල

මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රථිඵල අනුව දිවයිනේ ප්‍රථම ස්ථානය ලබාගනිමින් ලකුණු 198ක් ලබාගත් මීගමුව හරිශ්චන්ද්‍ර විද්‍යාලයේ දිනුක ක්‍රිෂාන් කුමාර සිසුවාට තමන් පදිංචි කට්ටුව, දළුපන සිරකඳවුර පාරේ ජනතාවගේ සුබපැතීමේ උත්සවයක් පසුගියදා කට්ටුව, පල්ලන්චේනවත්ත ප්‍රජා ශාලාවේදී උත්සවාකාරයෙන් පැවැත්වුණි.

මැති ඇමැතිවරු එක්ව සිසුවාගේ අනාගත අභිවෘද්ධිය සඳහා වටිනා ත්‍යාග පිරිනැමීම මෙහිදී සිදුවිය. ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා විසින් රුපියල් ලක්ෂයක් බැංකුවක තැන්පත්කොට එම බැංකු පොතද, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී හා එක්සත් ජාතික පක්ෂයේ මීගමුව ප්‍රධාන සංවිධායක රොයිස් විජිත ප්‍රනාන්දු මහතා රුපියල් ලක්ෂයක් පමණ වටිනා ලැප්ටොප් පරිගණකයක් ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මීගමුව ප්‍රධාන සංවිධායක ලලිත් ටෙන්සිල් මහතා මුදල් ත්‍යාගයක් ද පිරිනැමීම විශේෂ සිද්ධියක් විය. ගමේ ජනතාව ද මෙහිදී තමන්ට හැකි අයුරින් සිසුවාට ත්‍යාග ලබාදීම සිදුකරන ලදී.

කට්ටුව, පල්ලන්චේනවත්ත සුබසාධක හා මරණාධාර සමිතියේ සභාපති උඩයාර්තෝප්පුව ග්‍රාමනිලධාරී සුසිල් නෝනිස් මහතාගේ මෙහෙයවීමෙන් එම සමිතිය මේ උත්සවය සංවිධාන කර තිබුණි. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...