දියවැඩියාවට දකුණු ආසියාවේ වැඩි නැඹුරුවක් | දිනමිණ

දියවැඩියාවට දකුණු ආසියාවේ වැඩි නැඹුරුවක්

ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාවේ රටවල්වල ජනතාව දියවැඩියාව රෝගයට වැඩි නැඹුරුවක් පවතී. එය බටහිර රටවල් සමඟ සලකා බැලීමේදී විශේෂයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය ආදී රටවල 5% පමණ ප්‍රතිශතයක් වන අතර එය ශ්‍රී ලංකාවේ 10-20 ත් අතර ප්‍රමාණයක් වේ. මේ තත්ත්වයට ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ ජානමය තත්ත්වයන් වන අතර මීට අමතරව ජනතාවගේ ආහාර රටාව , කාර්ය බහුලත්වය, ව්‍යායාම් අඩුකම ආදී හේතුන්ද බලපා ඇතැයි ලෝක දියවැඩිය දිනය නිමිත්තෙන් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දියවැඩියාව සහ අන්තරාසර්ග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මුදිතා වීරක්කොඩි මහත්මිය කීවාය. ඇය මෙසේද පැවැසුවාය.

සාමාන්‍ය වශයෙන් ගත්විට ශ්‍රී ලංකාවේ දියවැඩියාව ප්‍රතිශතය 10% පමණ තිබෙනවා. එය නාගරික ප්‍රදේශවලදී 20% ක් පමණ වෙනවා. දියවැඩියාව සම්බන්ධයෙන් අපට වැඩිපුර කතා කරන්නට සිදුවන්නේ මේ වන විට දකුණු ආසියාවේ ජනතාව අතර දියවැඩියා තත්ත්වය වේගයෙන් වැඩිවීමේ ප්‍රවණතාවක් පවතින අතර ඒ හා සම්බන්ධව ඇතිවන අතුරු ආබාධ ශරීරයේ හැම පද්ධතියකටම බලපෑමක් ඇති කරන බැවින් හැමදෙනාම ඒ පිළිබඳ දැඩි අවධානයෙන් සිටීම වඩාත් යෝග්‍ය වේ.

විශේෂයෙන්ම වැඩිහිටියන්ගේ අන්ධභාවය, සහ පුද්ගලයන්ගේ දෙපා අහිමි වීමට ද දියවැඩියාව හේතුවක් වෙයි.

මේ සියලු කාරණා සලකා බලා සෑම වසරකම නොවැම්බර් 14 දින ලෝක දියවැඩියා දිනය ලෙස ප්‍රකාශයට පත්කර තියනවා. මේ වසරේ තේමාව වූවේ කාන්තාව සහ දියවැඩියාව මර්දනයට ඔවුන්ගේ දායකත්වයයි. 

හික්කඩුව සමුහ බුද්ධික වීරසිංහ


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...