අපේ පුරවැසියන්ට පරිසර දේශන පැවැත්වීම ලජ්ජාවක් | දිනමිණ

අපේ පුරවැසියන්ට පරිසර දේශන පැවැත්වීම ලජ්ජාවක්

පරිසරය රැක ගැනීම ඉතාම වැදගත්. කැලෑවක් තියෙනවා. ඊට එහායින් ගමක් තියෙනවා. ආයෙත් කැලෑවක් තියෙනවා. මේ කඳු ආරක්ෂා වන්නේ ඒ නිසා යැයි ආදිවාසී නායක ඌරුවරිගයේ වන්නියලගේ ඇත්තෝ පැවැසීය. ආදිවාසී නායකයා මේ බව කීවේ පසුගියදා මාතර ඕලන්ද මධ්‍යස්ථානයේ පැවති සම්මන්ත්‍රණයකට සහභාගි වෙමිනි. මධ්‍යම කඳුකරයේ විනාශය රටේ අනාගතය මරණය මැයෙන් මේ සම්මන්ත්‍රණය සංවිධාන කර තිබූණි. එහිදී ආදිනායකයා මෙසේ ද පැවැසීය. මේ රටේ හැදුණ,වැඩුණු මිනිසුන්ට දේශන තියන්න පරිසරය රැකගන්න මෙහෙම එක්වීම ගැන ලැජ්ජා විය යුතුයි. මේ ඇත්තෝ දඩයම් කරන හැම ගමක්ම විනාශ කරනවා. මේ ඇත්තන්ගේ ඉස්සර ඇත්තෝ ගමකට ඇතුල් වෙන කොට අවසර ගන්නවා. ස්වභාව දහමෙන් ගමට කොළට වැදල අවසර අරගෙන තමයි ඇතුළු වෙන්නේ. කොළ අත්තක්වත් කඩන්නේ නැහැ. විනාශ කරන්නේ නැහැ. ඒත් දැන් ඉන්න ඇත්තෝ කැලයට එන්නේ ගහකොළ විනාශ කරන්නයි. ඔවුන් බලන්නේ කොහොමද? ඔවුන්ගේ ආදායම් පොජ්ජ වැඩිකර ගන්නේ කියලයි. එදා දවසේ හිටියේ සොබා දහමට ආදරය කරන ඇත්තෝ. පරිසරයට වන්දනා කළා. දිය ඇළි විනාශ කළේ නැහැ. මට දැන් හරිම කනගාටුයි. ඒ කාලේ වගේ සිරිත්වලට ගරු කරන්නේ නැහැ. මේ ‍රටේ ජීවත්වන ඇත්තන්ට පරිසරය ගැන දේශනා කරලා පරිසරය රැක ගන්න කියන්න වීම ගැන ලැජ්ජා විය යුතුයි. 

ටී. කේ. මහින්ද වැලිගම සමූහ සහ ගිරාඳුරුකෝට්ටේ සමුහ


නව අදහස දක්වන්න

Or log in with...