ලග්ගල නව නගරයේ ගොඩනැඟිලි විවෘතයට පෙර ම ඉරිතලලා | දිනමිණ

ලග්ගල නව නගරයේ ගොඩනැඟිලි විවෘතයට පෙර ම ඉරිතලලා

මොරගහකන්ද සහ කළු ගඟ ජලාශ වලට යටවන ප්‍රදේශවලින් ඉවත් කෙරුණු ලග්ගල නගරයේ පැවති රාජ්‍ය ආයතන ලග්ගල නව නගර ප්‍රදේශයේ ඉදිකිරීම් අවසන් අදියරේ පැවතුණ ද මේ වනවිට එම ගොඩනැඟිලි රැසක් පදිංචි වීමට පෙර විනාශ වීමේ දැඩි අවදානමක පවතින බව ලග්ගල එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායිකා මාතලේ දිසා පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණි කවිරත්න මහත්මිය පෙන්වා දෙයි. ජනතාවගෙන් ලැබුණු තොරතුරු මත පදිංචි වීමට සූදානම් කර තිබූ මහවැලි අධිකාරියෙන් ඉදිකරන ලද ගොඩනැඟිලි පරීක්ෂා කිරීම සඳහා පැමිණ මේ බව ඇය සඳහන් කළාය.

මොරගහකන්ද ජලාශය ඉදිකිරීම සූදානම් වෙද්දී රටවල් පහක පමණ වීද්‍යාඥයන් පරීක්ෂණ කොට මෙහි ජලාශය ඉදි නොකරන ලෙස දැනුම් දී තිබුණ ද ජනාධිපතිවරයා නව තාක්ෂණය උපයෝගී කරගෙන ජලාශය ඉදි කරන බව ප්‍රකාශ කරමින් එහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කළ බවත් එම තාක්ෂණය තමන්ගේ ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් ඉදි කරන ගොඩනැඟිලි සදහා යොදා නොගැනීම පිළිබඳ තමන්ගේ බලවත් අප්‍රසාදය පළකරන බව ඇය කීවා ය.

මහවැලි අධිකාරිය ජනතාව පදිංචි ප්‍රදේශවලින් කඩිනමින් ඉවත් කොට ඇතත් ජනතාවට සේවා සපයන රාජ්‍ය ආයතන තවමත් ජනශූන්‍ය ප්‍රදේශවල පවත්වාගෙන යෑම නිසා තම ජනතාව මෙන්ම සේවකයන් බරපතළ ප්‍රශ්නයකට මුහුණ පා තිබෙන බවත් ඇය සඳහන් කළාය.

එසේම කොන්ත්‍රාත්කරුවන් මහවැලි අධිකාරියේ නිලධාරීන් ඉදිකරන ලද ගොඩනැඟිලි මේ වන විට විශාල වශයෙන් ඉරිතලා ගොස් ප්‍රමිතියෙන් තොරව මෙන්ම ප්‍රදේශයට නොගැළපෙන පරිදි ඉදිකිරීමෙන් නිසා ජනතාව මෙන්ම රාජ්‍ය නිලධාරීන් බලවත් ප්‍රශ්නයකට මුහුණ පා ඇති බව ඇය සඳහන් කළාය.

එමෙන්ම මන්ත්‍රීවරිය කියා සිටියේ මහවැලි අධිකාරිය මගින් කොන්ත්රාත් කරුවන් යොදවා ඉදි කරන ලද නව ගොඩනැඟිලි මෙන්ම රාජ්‍ය ආයතන සඳහා ඉදිකරන ලද ගොඩනැඟිලි පරීක්ෂාවට ලක් කිරීමේ දී දැකගැනීමට හැකිවී ඇත්තේ ඉරිතලා ගිය බිත්ති පුපුරා ගිය බිත්ති බවත් නැවත ගම් විශේෂයක් යොදා හුණු බදාම යොදා එය මකා දමන බව තමන් දුටු බවය .

මෙවැනි අවදානම් වැඩ සිදු නොකරන ලෙස ඇය වැඩිදුරටත් මහවැලි නිලධාරීන්ට මෙන්ම ගොවි ජන සේවා ප්‍රාදේශීය නිලධාරීවරයාට ද දැනුම් දුන්නාය.

සිගිරිය විශේෂ 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...