කොළඹ හිටපු නාගරික මන්ත්‍රී සමන් පුෂ්ප කුමාරට 5000ක දඩ | දිනමිණ

කොළඹ හිටපු නාගරික මන්ත්‍රී සමන් පුෂ්ප කුමාරට 5000ක දඩ

සිරන්ජනි කුමාරි

කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රිවරයෙකු ලෙස කටයුතු කරමින් වසර පහක් අඛණ්ඩව සිය වත්කම් බැරකම් ප්‍රකාශ කොළඹ නාගරික කොමසාරිස්වරයා වෙත ඉදිරිපත් නොකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ වරද පිළිගත් හිටපු නාගරික මන්ත්‍රී සමන් පුෂ්ප කුමාර අබේගුණරත්න මහතා එක් නඩුවකට‍ රුපියල් 1000 බැගින් නඩු පහට රුපියල් පන්දහසක දඩයක් ඊයේ (17) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා නියම කළේය.

මේ දඩ මුදල නොගෙවන්නේ නම් මාස තුනක ලිහිල් වැඩ සහිත සිරදඩුවම් නියම වන බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා විත්තිකරුගේ ඇඟිලි සලකුණු ලබා ගන්නා ලෙසට නියෝග නිකුත් කෙළේය.

මීට අමතරව දින 14 ඇතුළත දී සිය වත්කම් බැරකම් ප්‍රකාශ කොළඹ නාගරික කොමසාරිස්වරයා වෙත ලබාදීමට කටයුතු කරන ලෙසට ද අධිකරණය දැනුම් දුන්නේය.

නො.53/03 සීමෙන්ස් පාර,මරදාන ,කොළඹ 10 පදිංචි හිටපු නාගරික මන්ත්‍රි සමන් පුෂ්ප කුමාර අබේගුණරත්න මහතාට ලබන ඔක්තෝබර් මස 27 වන දින අධිකරණය විසින් නිකුත් කළ නොතීසියකට අනුව අධිකරණය හමුවේ පෙනී සිටියේය.

වර්ෂ 10/2011/2012/2013/හා 2014 අදාළව මෙසේ අල්ලස් කොමිසම විසින් විත්තිකරුට එරෙහිව මේ නඩු පහ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙරේදා (15 ) පැවරිණි.

වර්ෂ 011/2012/2013/2014 ජුනි 1 සිට මාර්තු 31 වන කාල වකවානුවට අදාළව සිය වත්කම් බැරකම් ප්‍රකාශ සාධාරණ හේතුවක් නොමැතිව 1975 අංක 1 වත්කම් බැරකම් පනතේ 3 වගන්තිය ප්‍රකාරව කොළඹ නාගරික කොමසාරිස්වරයා වෙත ඉදිරිපත් කිරිමට ‍අපොහොසත්වීමෙන් 1975 වත්කම් බැරකම් පනතේ 9(1) වගන්ති ප්‍රකාර වරදක් සිදු කර ඇති බව සදහන් කරමින් අල්ලස් කොමි‍සමේ මෙම නඩු පහ පවරා තිබුණි.

නව අදහස දක්වන්න