බීමත්ව රථ වාහන පැදවීම ඇතුළු විවිධ ආකාරයෙන් මාර්ග නිති උල්ලංඝනය කරමින් රිය පැදවිම නිසා පසු ගිය මාස කිහිපය තුළ තුන්දහසකට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා පැවසීය.
මේ අනුව දිනකට අඩුම වශයෙන් අට දෙනකු අනිවාර්යයෙන්ම එසේ මාර්ග අනතුරුවලින් මිය යන අතර පසුගිය මාස දහය තුළ එම අනතුරුවලින් තුවාල ලැබු සංඛ්‍යාව විසි දෙදහසක් ඉක්මවා තිබේ තුවාල ලැබූ පිරිස අතරින් බරපතළ තුවාල ලබා ඇති ප්‍රමාණය හත්දහසක් බවද පොලිස්පතිවරයා පෙන්වා දෙයි.
මේ ආකාරයෙන් මාර්ග අනතුරුවලින් විශාල මිනිස් ජීවිත ප්‍රමාණයක් විනාශ වන අතර මේ තත්ත්වයෙන් රටට වන අතිවිශාල හානිය අඩු කර ගැනිම ගැනීම සඳහා පොලිසිය විවිධ ආකාරයේ වැඩ සටහන් ගණනාවක් ආරම්භ කර ඇත.
එම වැඩ සටහන් වලට පෞද්ගලික අංශයේ සහායද ලබා ගෙන ඇත.
විනීත රියැදුරු තේරීම , ඩෝන්ට් ඩ්‍රින්ක් ඇන්ඩ් ඩ්‍රයිව් යනුවෙන් තවත් වැඩ සටහනක් ඊයේ ආරම්භ කෙරිණි. එම වැඩ සටහන කොළඹ නිදහස් චත්රරස්රයේදි ආරම්භ වු එම වැඩ සටහනට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරිහුද මෝටර රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා ඇතුළු පිරිසක් ද සහභාගි වූහ.
මෙසේ මාරක අනතුරුවලටලක්වි ඇත්තේ යතුරු පැදි සහ ත්‍රිරෝද රථ වෙයි. අධික බීමත්කම අධික වේගය නින්ද යාම නියමිත පරිදි රිය ධාවනය පිළිබඳව අවබෝධයක් නොමැති වීම අධික ලෙස මගීන් පටවාගෙන යෑම ඇතුළු විවිධ ආකාරයෙන් නොසැලකිලිමත් ලෙස කටයුතු කිරීම එම මාරක අනතුරු සිදුවීමට හේතු වි ඇති බවද රථවාහන පොලීසිය පෙන්වා දෙයි.
නව අදහස දක්වන්න