සංචාරක කර්මාන්තයට සමගාමීව ගුවන් සමාගම් දියුණු විය යුතුයි | දිනමිණ

සංචාරක කර්මාන්තයට සමගාමීව ගුවන් සමාගම් දියුණු විය යුතුයි

ගුවන් යානා පාලනය‍ට හා අධික්ෂණයට දැනට යොදා ගන්න රේඩාර් වෙනුවට නව තාක්ෂණය අඩු වියදමින් යුතු පරිසර හිතකාමි ගුවන්යානා අධික්ෂණය සම්බන්ධයෙන් සාකච්චා කිරීමේ වැඩමුළුව 14 දා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් රාමඩා හෝටලයේ පැවති අවස්ථාව. ඡායාරුපය-කැළුම් ලියනගේ

සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා ගුවන් සමාගම් කර්මාන්තය දියුණු කළ යුතු බවත් ඒ සඳහා කටයුතු කරන බවත්, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාලද සිල්වා මහතා පැවැසිය.

ඇමතිවරයා මෙම අදහස් පළකළේ ගුවන් යානා පාලනයට හා අධීක්ෂණයට දැනට යොදාගන්නා රේඩාර් පද්ධතිය වෙනුවට නව තාක්ෂණයෙන් යුත් අඩු වියදම් සහිත පරිසර හිතකාමි ලෙස ගුවන් යානා ඉහළ අහසේ අධීක්ෂණය කිරීමේ ක්‍රම පද්ධතිය අග්නිදිග ආසියානු හා බෙංගාල බොක්ක කලාපය ආශ්‍රිතව සාමුහිකව ක්‍රියාත්මක කිරීමේදි බලපාන ගැටලු සාකච්ඡාකර විසඳුම් සෙවිම සඳහා ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ( 14 ) රාමඩා හෝටලයේ ආරම්භ කෙරුණු වැඩමුළුවේදිය.‍

රටවල් 12 ක් හා ජාත්‍යන්තර සංවිධාන තුනක් (IATAÓ CANSOÓ ICCAIR) ද, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ගුවන් සේවාවට සම්බන්ධ නිලධාරින් 20 ක් පමණද මීට සහභාගී වූහ.

ads-b තාක්ෂණය නිල වශයෙන් රත්මලාන ගුවන්න්තොටුපොලේදී ආරම්භ කෙරුණි.

ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානයේ ඉල්ලිම මත සිවිල් ගුවන් සේවා අධිකාරිය මෙය සංවිධානය කරන අතර ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා 9 ශ්‍රී ලංකා සමාගම මෙයට දායකත්වය සපයයි.

මියන්මාර් හිදි පැවැත්විමට නොහැකිවු මෙම සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්විමට අවස්ථාව ලබාදිම පිළිබඳව අයිකාවෝ සංවිධානයට ස්තුතිවන්ත වන බව ඇමතිවරයා පැවeසිය.

අැමැතිවරයා මෙසේද පැවැසිය. අද ශ්‍රී ලංකාව තුළගුවන් ගමන් පාලනය ගුවන් ගමන් ආරක්ෂාව පිළිබඳව විශේෂ උනන්දුවක් දක්වනවා. අපගේ ගුවන් ගමන් පිළිබඳව ඉතිහාසයේ විශාල වශයෙන් ආයෝජනයක් කරගෙන යනවා.

නවීන උපකරණ හා නව තාක්ෂණය ගුවන් ගමන් සේවා වලට ගෙන ඒම සඳහා ආයෝජනයන් කරගෙන යනවා. මෙයත් එවැනි තාක්ෂණික වැඩසටහනක්, මේ තුළින් ශ්‍රී ලංකාවේ ගුවන් සේවා සමාගම ඇතුළු ගුවන් තොටුපොළ වල සේවය කරන බොහෝ දෙනෙකුට අන්තර් ජාතික වශයෙන් විශේෂඥ දැනුම සකසා ගැනිමට මෙය අවස්ථාවක් වෙනවා. ඒ නිසා මෙය ශ්‍රී ලංකාවට ලැබුණු විශේෂ වරප්‍රසාදයක්.

1946 දි ශ්‍රී ලංකාව චිකාගෝ සම්මුතියට අත්සන් තැබීමෙන් පසු ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ සාමාජිකයකු බවට පත්වුනා. ඒ නිසා ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ සියලු ප්‍රයත්නයන් සඳහා නිරන්තරයෙන් සහාය දැක්විමට හා සහභාගි විමට ශ්‍රී ලංකාව කැපවි සි‍ටිනවා.

ලංකාවේත් ලෝකයේත් ආර්ථික වර්ධනයට ප්‍රධාන දායකත්වයක් සපයන අයුරින් සංවර්ධනය හා ප්‍රවාහනය සඳහා ප්‍රවාහන කර්මාන්තයේ ආරක්ෂාවත් කාර්යක්ෂමතාවත් ඉහළ නැංවීමට මෙව උපකාර වෙනවා.

ඉන්දුනිසියාව චීනය ,ඉන්දියාව, සිංගප්පුරුව යන රටවල් වල මෙම රැස්විම් දෙවරක් බැගින් පවත්වා තිබෙන අතර ශ්‍රී ලංකාවේ මෙය පැවැත්වූයේ ප්‍රථම වතාවටයි.

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආර්.එම්.එස්.පි. රත්නායක , සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරි එච්.එම්.සි. නිමල්සිරි, ගුවන්තොටුපළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගමේ විධායක අධ්‍යක්ෂ ජොහාන් ජයරත්න, යන මහත්වරුන් ඇතුළු ගුවන් සේවාවට සම්බන්ධ නිලධාරිහු මෙම සමුළුවට සහභාගි වුහ.

ශීලා උඩුවර හා සඳුන් රමේෂ්

නව අදහස දක්වන්න