"මුගාබේ යා යුතුයි" "මෙය අපේ විප්ලවයයි" | දිනමිණ

"මුගාබේ යා යුතුයි" "මෙය අපේ විප්ලවයයි"

සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේ පදවියෙන් ඉවත්ව යා යුතුයයි බල කරමින් දස දහස් සංඛ්‍යාත ජනතාව වීදි බැසීමත් සමඟ හරාරේ අගනුවර උත්සවශ්‍රීයක් ගනිමින් පවතින බව විදෙස් වාර්තා පවසයි.

වීදිබැස සිටින ජනතාව යුද හමුදාව ගත් ක්‍රියාමාර්ගය අගයමින් සොල්දාදුවන්ට ජය පතමින් සිටිති.

ජනතාව මහාමාර්ගයේ නටමින් ප්‍රීති වෙමින් සිටින අතර රියදුරෝ සිය වාහනවල නළා හඬවමින් සිටියහ.

"මුගාබේ යා යුතුයි" යනුවෙන් ලියැවුන බැනර් ප්‍රදර්ශනය කෙරෙමින් ඇත.

"මෙය අපේ විප්ලවයයි" යනුවෙන් ලියැවුන බැනරයක් ද ඒ අතර වෙයි.

මුගාබේ විසින් යළිත් බලය අතට ගැනීමක් සිදු නොවිය හැකි තත්වයක් පවතින බව 'හරාරේ' නගරයේ සිටින බී.බී.සී වාර්තාකරුවෙක් පවසයි.

ඔහුගේ ෂානු -පීඑෆ් පක්ෂයේ සගයන් පවා රොබට් මුගාබේ හැරයමින් සිටින බවක් ද වාර්තා වෙයි.

සිම්බාබ්වේ ජනරජය

අගනුවර: හරාරේ

  • ජනගහනය මිලියන 13

  • භූමිය වර්ග කි.මී 390,759

  • ප්‍රධාන භාෂා ඉංග්‍රීසි (නිල), ෂෝනා, සින්දෙබෙලෙ

  • ප්‍රධාන ආගම්ක්‍රිස්තියානි, ආදිවාසී ඇදහිලි

  • ආයු අපේක්ෂාවඅවුරුදු 54 (පුරුෂ), අවුරුදු 53 (කාන්තා)

  • මුදල් ඒකක බහු මුදල් ඒකක ක්‍රමවේදයක්; ඇමරිකානු ඩොලර් සහ දකුණු අප්‍රිකානු රෑන්ඩ් (මූලික වශයෙන්)

නව අදහස දක්වන්න