ඇඳිරි නීතිය අවසන් - ආරක්ෂාව තවදුරටත් - UPDATE | දිනමිණ

ඇඳිරි නීතිය අවසන් - ආරක්ෂාව තවදුරටත් - UPDATE

ගාල්ල පොලිස් වසමේ ග්‍රාම සේවා වසම් 07කට පනවා තිබු පොලිස් අදිරි නීතිය අද පෙරවරු අවසන් විය.
 
ගාල්ල පොලිස් වසමේ වැලිපිටිමෝදර, මාහපුගල, රුක්වත්ත, ගිංතොට නැගෙනහිර, ගිංතොට බටහිර, පියදිගම සහ කුරුදුවත්ත යන ග්‍රාම සේවා වසම්  සදහා මෙලෙස පොලිස් අදිරිනීතිය පනවා තිබිණි.
 
තවදුරටත් එම ප්‍රදේශවල රාජකාරි කටයුතු සදහා  පොලිසියට අමතරව පොලිස් විශේෂ කාර්යය බලකාය සහ යුධ හමුදාව කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ගාල්ලට අද උදෑසන දක්වා යළිත් පොලිස් ඇඳිරිනීතිය - UPDATE 

ඊයේ පස්වරු 4.00 සිට අද උදෑසන 9.00 දක්වා ගාල්ල ගිංතොට ප්‍රදේශයේ ග්‍රාමසේවා වසම් කිහිපයකට පොලිස් ඇඳිරිනීතිය පනවා තිබේ. 

ඒ අනුව ගාල්ලේ ගිංතොට, කුරුඳුවත්ත, මහ හපුගල, වැලිපිටිමෝදර, උක්වත්ත සහ පියදිගම ග්‍රාමසේවා වසම් වලට මෙම ඇඳිරිනීතිය බලපැවැත්වේ.

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...