උත්තරා දේවි මට ළෙන්ග­තුයි | දිනමිණ

උත්තරා දේවි මට ළෙන්ග­තුයි

කලණි දොඩ­න්තැන්න
 
ඇගේ රුව ඔබට තව­මත් නුහුරු ය. එහෙත්,  නුදු­රේ­දීම ඇය ඔබේ ආලි­න්ද­යට පැමි­ණෙන, ඔබට ළෙන්ගතු චරි­ත­යක් වනු නිසැක ය. පසු ගියදා ස්වාධීන රූප­වා­හි­නියේ විකා­ශය ඇරැඹු, නාමල් ජය­සිං­හගේ ‘සහෝ­ද­රයා‘ ටෙලි  නාට්‍යයේ ‘උත්තරා දේවී‘ ඇය ය. මේ පිළි­ස­ඳර, ඒ උත්තරා දේවි, නැත්නම් කලණි දොඩ­න්තැන්න සමඟ ය.
 
l ඔබ, ප්‍රේක්ෂකයා හමුවට ටෙලි සිත්තමකින් පැමිණෙන පළමු අවස්ථාව ‘සහෝදරයා’ යි. මේ ක්ෂේත්‍රයට ආගන්තුකයෙක් වන ඔබ පිළිබඳ ප්‍රථමයෙන් ම විස්තර ටිකක් කියමුද?

මම කළණි මේනකා විල්සන්. විවාහයෙන් පස්සේ කලණි දොඩම්තැන්න කියලයි භාවිත වෙන්නේ. මගේ ගම මට්ටක්කුලිය. පවුලේ තොරතුරු කිව්වොත්, අම්මයි, තාත්තයි මාත් එක්ක සහෝදරියෝ ම තුන්දෙනයි.

l කවුද මේ කලණි කියන්නේ?

කලණි කියන්නේ චිත්‍ර ශිල්පිනියක්.a කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලී මණ්ඩපයෙන් චිත්‍ර කලාව පිළිබඳ විශේෂවේදී උපධිය මම ලබා ගත්තා. ඒත් දැන් මම වෘත්තීමය වශයෙන් චිත්‍රකලා චිකිත්සකවරියක් ( Art Therapist). මානසික ගැටලුවලින් පීඩා විඳින දරුවන්ට මානසික ප්‍රතිකර්මයක් විදිහට චිත්‍ර යොදාගෙන, මානසික ප්‍රතිකාර කිරීම, මේ ක්‍රමය මඟින් සිදු වෙනවා.

l රංගන ශිල්පිනියක් ලෙස ඔබේ ආගමනය සිදු වෙන්නේ කොහොමද?

‘සහෝදරයා‘ කියන ටෙලි නාට්‍ය ඔස්සේ තමයි ආගමනය සිදු වෙන්නේ. මෙය, මුල ඉඳන් අවසාය දක්වාම බෙහොම මහන්සියෙන්, කැපවීමෙන් කළ නිර්මාණයක්. ඒ නිසා ,හිතේ ලොකු සතුටක් තියෙනවා. දැන් මමත් ආසාවෙන් ඒ නාට්‍ය නරඹනවා.

l ඒ අවස්ථාව අහම්බයක් ද?

මගේ පවුලේ කිසිම කෙනෙක් රංගනටය සම්බන්ධ නැහැ. රංගනයට සම්බන්ධව මම දැනගෙන හිටපු එක ම කෙනා තුමිඳු . ඒ කියන්නේ මගේ සැමියා.

මුල් දවස්වල ඔහුගේ රංගන ජීවිතය හරි ම අලුත් අත්දැකීමක් වුණා. මේ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කළේ නාමල් ජයසිංහ. මම විශ්වවිද්‍යාලයේදී ඔහුගෙන් ඉගෙන ගත්තා.මම ඔහුගේ ශිෂ්‍යාවක්. ඒ වගේ ම ඔහු මගේ සැමියාගේ සමීපතම මිතුරෙක්. ඔහුගේ අලුත් නිර්මාණයේ රජිව්ගේ චරිතයට තෝරගෙන තියෙන්නේ තුමිඳුව කියලා කාලෙකදී මම දැන ගන්නවා . ‘කලණි මේ පිටපත කියවලා බලන්න කියලා’ තුමිඳුගෙන්මයි මට පණිවිඩේ ලැබුණේ . ඒ පිටපත හරිම ලස්සනයි. පුදුම විදිහට මට ළෙන්ගතුයි. කියවලා ඉවර වුණ ගමන්ම මම අධ්‍යක්ෂවරයා සමඟ ඒ ගැන කතා බහ කළා.

l චරිතය ළෙන්ගතු වුණාට, රංගනයට ඔබේ චකිතයක් තිබුණේ නැද්ද ?

ලොකු චකිතයක් දැනුණා. මොකද රංගනය සම්බන්ධයෙන් මට කිසිඳු ආභාෂයක් තිබුණේ නැහැ. මම වැඩ කළෙත් ප්‍රවීණයෝ රැසකට මැදිවෙලයි. ඒත්, ඒ කිසි ම වෙලාවක මට ආගන්තුක බවක් හැඟෙන්න ඔවුන් ඉඩ දුන්නේ නැහැ. මුළු නිෂ්පාදක කණ්ඩායමෙන්ම මට ලැබුණු සහය අපරිමිතයි. මගේ බය නැති කර ගන්න ඒ ලැබුණු සහය, මේ චරිතය සාර්ථකව කර ගන්න මට බොහෝ සෙයින් ම ඉවහල් වුණා.

l ‘උත්තරා දේවි‘ඔබට දැනෙන්නේ කොහොමද?

ඇය මට හරි ම හුරු පුරුදු සංවේදී චරිතයක්. පිටපත කියවගෙන යද්දි අධ්‍යක්ෂවරයා ලියූ ඒ උත්තරා දේවි, සමහර තැන්වල මම ද කියලා හිතුණු වාර අනන්තයි. මමත් ඇය වගේම දමිළ, කතෝලික තරුණියක්. ඇගේ සංස්කෘතිය මට හරි ම ළෙන්ගතුයි. මම වගේම ඇය විවාහ වෙන්නෙත් සිංහල බෞද්ධ තරුණයෙක් සමඟ. සැමියා සමඟ නිරතුරු කාලය ගත කරන්න ඈ බොහොම කැමැතියි. හරියටම මං වගේමයි. ඒ නිසා ඇය තේරුම් ගන්න මට අපහසු වුණේ නැහැ. මේ චරිතයේ බොහොම සංවේදී වූ අවස්ථා තිබුණා. ඒ චරිතය සහ මා අතර තිබෙන සමානකම් එක්ක ඒ අවස්ථා මට නිරායාසයෙන්ම දැනෙන්න පටන් ගෙනයි තිබුණේ.

l ඒත් , උත්තරා දේවී ඔබට අභියෝග වූ අවස්ථා තිබෙන්නත් ඇති?

මා මේ චරිතයට තෝරා ගත් පසු, ඇය කොතරම් මට ළෙන්ගතු වුණත්, කැමරාවක් ඉස්සරහ ඊට සාධාරණයක් ඉෂ්ඨ කරන්න පුළුවන්ද කියන අභියෝගය මට තිබුණා. එ නිසාම නිතරම මම අධ්‍යක්ෂවරයා සමඟ චරිතය ගැන කතා කළා. මේ චරිතයට සමානකම් තිබෙන චරිත ඇතුළත් චිත්‍රපට කිහිපයකුත් බලන්න කියලා මට අධ්‍යක්ෂවරයා ගෙනත් දුන්නා . ඒ අතර අපි හැමෝම පිටපත් කියැවීමේ අභ්‍යාසය කළා. සමහර දෙබස් කියලා පුහුණු වුණා. හැම දර්ශනයක්ම රූගත කරන්න කලින්, පෙර පුහුණුවීම් කළා. බොහෝ වෙලාවට මම රඟපානවාද කියලා නොදැනෙන තරමටම අධ්‍යක්ෂවරයා ඒ චරිතය තුළ ඉතා දක්ෂ විදිහට මා හසුරුවා තිබුණා. ඔහු හොඳ ගුරුවරයෙක් වගේම, අති දක්ෂ අධ්‍යක්ෂවරයෙක්. නිර්මාණයකදී ඒ චරිතයට ආදරය කරමින්, ඒ තුළ ජීවත්ව සිටිය යුතුයි කියලා මම ඉගෙන ගත්තා.

l සහෝදරයාගෙන් පසු කලණි සම්බන්ධ වූ වෙනත් නිර්මාණ තිබෙනවාද ?

ඔව්. පාලිත පෙරේරා ගේ ‘තක්කිට තරිකිට‘ චිත්‍රපටයට දායක වුණා. එහි ගුරුවරියකගේ චරිතටය මං පණ පොවනවා. කපිල විජේසුරිය මහතා ගේ නිර්මාණයකටත් මා දායකවී සිටිනවා.

l රංගනයේ දිගු කාලීනව රැඳෙන්නයි කලණිගේ කල්පනාව?

මම වෘත්තීමය චිත්‍ර ශිල්පිනියක්. රංගනයේදී මට ගැළපෙන, මට දැනෙන චරිත තිබුණොත් රඟපානවා.

l කලණි කියන්නේ තුමිඳු දෙඩන්තැන්න කියන ජනප්‍රිය රංගන ශිල්පියාගේ ආදරණිය බිරිය. ඒ ආදර කතාව ගැනත් විස්තර කියමු නේද?

ඒක හරි ම ලස්සන ආදර කතාවක්. මට ඔහු මුණ ගැසෙන්නේ ඔහු රඟ පෑ වේදිකා නාට්‍යක් නරඹන්න ගිය අවස්ථාවේදියි. එදා ඔහුගේ දක්ෂතා දැකලා මට හිතුණා තුමිඳු හමුවෙලා සුබ පැතිය යුතුයි කියලා.

ඒ සුබ පැතීමෙන් එදා පටන් ගත් කතාව තමයි විවාහය දක්වාම ඇවිත්, එකම කැදැල්ලක ජීවත් වෙන්නේ. ඔහු බොහොම කාර්යබහුල කෙනෙක්. ඒ නිසා ම මම මගේ කාර්යබහුලත්වය අඩු කර ගන්නවා. මම කැමැතිම ඔහු සමඟ කාලය ගත කරන්නයි. ඒ නිසා, කොහොම හරි කාලය හොයාගෙන අපි දෙන්නා ඇවිදින්න, චිත්‍රපට බලන්න, වේදිකා නාට්‍ය බලන්න යනවා.

l තුමිඳු මේ දිනවල අතිෂය ජනප්‍රියයි. ඒ ජනප්‍රියත්වයෙන් ඔබ අපහසුතාl ඔබ, ප්‍රේක්ෂකයා හමුවට ටෙලි සිත්තමකින් පැමිණෙන පළමු අවස්ථාව ‘සහෝදරයා’ යි. මේ ක්ෂේත්‍රයට ආගන්තුකයෙක් වන ඔබ පිළිබඳ ප්‍රථමයෙන් ම විස්තර ටිකක් කියමුද?

l තුමිඳු මේ දිනවල අතිෂය ජනප්‍රියයි. ඒ ජනප්‍රියත්වයෙන් ඔබ අපහසුතාවට පත් වූ අවස්ථා නැද්ද?

අනේ නැහැ. මට හරි ම සතුටුයි. මමත් කුඹියෝ ප්‍රේක්ෂකයෙක්. ඔහුට ලැබෙන ප්‍රතිචාර දකිනකොට, ඒ අගය කිරීම් දකින කොට ඔහුගේ බිරිය විදිහට මට ලොකු සතුටක් දැනෙනවා.

l ඔබගේ හෙට දවසේ බලාපොරොත්තු ගැනත් කියමු නේද ?

මේ දවස්වල අපේ ජීවිතය අලුත් බලාපොරොත්තුවකින් පිරිලා. අපේ ආදරයේ සංකේතය වෙන්නේ දරුවෙක්. ඒ අලුත් බලාපොරොත්තු තියාගෙන, ඒ පුංචි අලුත් අමුත්තා එනකන් නොඉවිසිල්ලෙන් බලන් ඉන්නවා.

වට පත් වූ අවස්ථා නැද්ද?

ටානියා මෝසස්

නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...