ටෙලිෆෝන් ටැෆ් කිරීම ප්‍රජාත්‍රන්ත්‍රවාදය උල්ලංඝණය කිරීමක් : මරික්කාර් | දිනමිණ

ටෙලිෆෝන් ටැෆ් කිරීම ප්‍රජාත්‍රන්ත්‍රවාදය උල්ලංඝණය කිරීමක් : මරික්කාර්

දේශපාලනඥයින්ට දේශපාලනය පමණක් නොව යම්කිසි පෞද්ගලිකත්වයත් පවතින නිසා, ඇතැම් අවස්ථාවලදී ඔවුන්ගේ දුරකතන ටැෆ් කිරීමට උත්සහයක් පවතීනම් එය ප්‍රජාත්‍රන්ත්‍රවාදය අමු අමුවේ උල්ලංඝණය කිරීමක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසීය.

මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කරන ලද්දේ, රුපියල් ලක්ෂ 03 ක විමධ්‍යගත ප්‍රතිපාදන යටතේ ඉදි වූ හිඹුටු උයන නිවාස සංකීර්ණයේ නව ළමා ක්‍රීඩාංග‍ණය දුවා දරුවන්ගේ අයිතියට පත් කිරීමට එක්වෙමින්ය.

කොප් කමිටුවේ ඉන්න සාමාජිකයින් බැදුම්බර චෝදනාවට ලක්වූ අර්ජුන ඇලෝසියස් එක්ක කෝප් කමිටුවේ කාල සීමාව තුළ දුරකතන සංවාද හා පෞද්ගලික සම්බන්ධකම් තියා ගත්තා නම් ඒක වැරදියි. හැබැයි මේකේ තියෙන භයානක පැත්ත තමයි රාජපක්ෂ ආණ්ඩුව අපි පෙරළෙව්වේ ප්‍රජාත්‍රන්ත්‍රවාදය නිදහස සාමය සුරක්ෂිත කරන්න. හැබැයි අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ රජය දන්නේ නැතිව මන්ත්‍රීවරුන්ගේ ටෙලිෆෝන් ටැප් කරනවානම්, මේක රාජපක්ෂ යුගයට එහා ගිය භීතියක් උපදවන දෙයක්. රටේ අගමැතිගේ ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ටෙලි‍ෆෝන් ටැප් කරනවානම් වැරදියි. දේශපානඥයින්ටත් පෞද්ගලිකත්වයක් තියෙනවා. දේශපාලන කාරණා  කතා කරන්න පුලුවන් පුද්ගලික කාරණා කතා කරන්න පුලුවන් . ඒ නිසා මෙහෙම ටෙලිෆෝන් ටැෆ් කරනවාම් එය ප්‍රජාත්‍රන්ත්‍රවාදය අමු අමුවේ උල්ලංඝණය කිරීමක්. අනෙක් පැත්තෙන් ඇලෝසියස් එක්ක කෝප් කමිටුවේ ඉන්නකම් පරීක්ෂණ කාලය තුළ සම්බන්ධකම් තියා ගත්තානම් ඒක සදාචාරාත්මකව සම්පූර්ණයෙන් වැරදියි කියලා නැතත් කියනවා යැයි පැවසීය.

නව අදහස දක්වන්න