විදුලිසර වද්දා අලියෙක් මරා දාලා | දිනමිණ

විදුලිසර වද්දා අලියෙක් මරා දාලා

ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරකට අනුව වැල්ලවාය වන නිලධාරීන් විසින් ආනපල්ලම 3කණුව පෞද්ගලික ඉඩමක මියගොස් සිටි වයස අවුරුදු 25ක් පමණ වු අලියකුගේ මළ සිරුරක් ඉකුත් 15දා සොයාගෙන ඇත.

ආනපල්ලම රජයේ වනවගාවේ සිට මීටර් 200ක් පමණ දුරින් පිහිටි උක් ඉඩමක මෙම අලියා මියගොස් සිටි අතර අලියාගේ මරණය සිදුවි ඇත්තේ විදුලි සර වැද්දවීමකින් බව එම අලියා සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වු ලුණුගම්වෙහෙර පශු වෛද්‍ය ආනනද ධර්මකීර්ති මහතා තීරණය කරනලදී.

එම අලියා වැටි සිටි ඉඩමේ අයිතිකරු වනජීවී නිලධාරින් විසින් වැල්ලවාය මහේස්ත්‍රාත් කේසර සමරදිවාකර මහතා හමුවට ඉදිරිපත්කරනු ලැබූ අතර සැකකරු දින 14ක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස මහේස්ත්‍රාත් වරයා විසින් නියෝග කරන ලදී.

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව මියගිය අලියාගේ මළ සිරුර එම ස්ථානයේම ඩෝසරයකින් වළක් කපා වල දමන ලදී.

වැල්ලවාය ජී. අයි. ආර් ගරුසිංහ 

නව අදහස දක්වන්න