උණවටුන අවට ඩෙංගු බිය | දිනමිණ

උණවටුන අවට ඩෙංගු බිය

පසුගිය මාසය තුළ උණවටුන ආශ්‍රිතව ඩෙංගු රෝගීන් ඉහළ ගොස් ඇති බවත් එය වසංගත තත්ත්වයක් දක්වා වැඩි වු බවත් හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුන්දර මුදලිගේ මහතා හබරාදුව සම්බන්ධීකරණ රැස්වීමේ දී පැවැසීය. වෘත්තීය පුහුණු හා නිපුණතා අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් හබරාදුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී මේ රැස්වීම පැවැත්විණි.

හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුන්දර මුදලිගේ මහතා - උණ හේතුවෙන් උණවටුණ ගුරු විද්‍යාලය සතියකට වඩා වැඩි කාලයක් වසා දැමීමට සිදු වුණා. විද්‍යාලයේ ප්‍රධානියා සහ ප්‍රධානියාගේ දුව ද ඩෙංගු රෝගයට ගොදුරු වූණා. උණවටුනේ ආයුර්වේද වෛද්‍ය ආයතනයක, උණවටුන ගුරු විද්‍යාලයේ සහ උණවටුණේ පිරිවෙනක ඩෙංගු මදුරු ආකර තිබූණා. අයිතිකරුවන්ට නඩු දාන්න වූණා. උණවටුනේ පමණක් ඩෙංගු රෝගීන් 22ක් වාර්තා වූණා.

උණවටුණ ඕලන්ද ඇළ ලොකු ගැටලුවක් තියනවා. ඒ ඇළ මුහුදු මට්ටමට වඩා පහළින් තියෙන්නේ. ඒ නිසා බියර් කෑන් හා ප්ලාස්ටික් බෝතල් ඒකේ පිරිලා. මිනිස්සු බොහෝමයක් පුරුදු වෙලා කුණු ඇළට දාන්න. මේවත් හේතු ඩෙංගු තත්ත්වය ඉහළ යන්න. කොහොම වුණත් කරපු වැඩ කටයුතු නිසා දැනට එයින් අත්මිදෙන්න පුළුවන් වුණා.

හබරාදුව මීගහගොඩ පාසලේ 50%ක් පමණ මන්දපෝෂණයෙන් පෙළෙනවා. ඒ දරුවන්ගේ පවුල් ද්‍රරිද්‍රතාවයෙන් පෙළෙනවා. ඒ නිසා වහාම ඒ සම්බන්ධයෙන් මැදිහත් වී ක්‍රියා මාර්ගයක් ගත යුතුයි. ඒ පාසල අදාළ කලාපය තුළ ජනතාවගේ ආකල්පමය වෙනසක් ඇති කර යුතුයි.

ඉමදුව සමූහ ලංකින්ද නානායක්කාර 

නව අදහස දක්වන්න