වාරියපොළ ශ්‍රී ඥානෝදය විදුහලේ ශිෂ්‍යභට බාලිකාවන්ට උපහාර | දිනමිණ

වාරියපොළ ශ්‍රී ඥානෝදය විදුහලේ ශිෂ්‍යභට බාලිකාවන්ට උපහාර

රන්ටැඹේ ජාතික ශිෂ්‍යභට බළකායේ පුහුණු මධ්‍යස්ථානයේ පැවති සමස්ත ලංකා ශිෂ්‍යභට බාලිකා කඳවුර 2017 තරගාවලියෙන් වාරියපොළ ශ්‍රී ඥානෝදය මධ්‍ය මහා විද්‍යාලය දිවයිනේ දක්ෂතම කනිෂ්ඨ බාලිකා ශූරතාව දිනාගැනීම ඇගයීමට ලක් කරමින් උපහාර උත්සවයක් පසුගියදා වාරියපොල ශ්‍රී ඥානෝදය මධ්‍ය මහා විද්‍යාලයෙදී පැවැත්විණි.

මේ අවස්ථාවට වයඹ පළාත් ආණ්ඩුකාර අමරා පියසීලී රත්නායක මහත්මිය ජාතික ශිෂ්‍යභට බළකායේ 4වන බළෑණියේ ලුතිනන් කර්නල් අණදෙන නිලධාරී ආර්.එම්.වී.පී.බී.හංගිලිපොල, ජාතික ශිෂ්‍යභට බළකායේ 25වන බළෑණියේ අණදෙන නිලධාරී අනුරුද්ධිකා, විද්‍යාලයේ විදුහල්පති ඒ.එම්.සිසිර බලල්ල ශිෂ්‍යභට බාලිකා උපදේශක ජානකී ,සහකාර උපදේශිකා සේපාලිකා ඇතුළු විද්‍යාලයීය ගුරු මහත්ම, මහත්මීහු සහ මවුපියෝද එක්ව සිටියහ.

 

සටහන සහ ඡායාරූප
වාරියපොළ මධ්‍යම සමූහ
එච්.එම්. නන්දාවතී පතිරාජ 

නව අදහස දක්වන්න