මුගාබේ පක්ෂ නායකත්වයෙන් යන්නට බැහැ කියයි | දිනමිණ

මුගාබේ පක්ෂ නායකත්වයෙන් යන්නට බැහැ කියයි

සිම්බාබ්වේ ජනාධිපති, රොබට් මුගාබේ සිය පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කර තිබේ.

ඔහු ජාතිය අමතා සජීවීව රූපවාහිනිය ඔස්සේ මේ බව පවසා ඇත. ඔහු පවසන්නේ, ලබන මස පැවැත්වෙන පක්ෂ සම්මේලනයේ නායකත්වය දැරීමට තමාට අවශ්‍ය බවයි. පසුගියදා මුගාබේගේ පක්ෂය විසින් ඔහු නායකත්වයෙන් ඉවත් කෙරුණු අතර, ඉල්ලා අස්වීම සඳහා ඔහුට පැය 24ක කාලයක් ලබාදී තිබුණි.

ඉල්ලා අස්වන ලෙස ඔහුට පක්ෂයෙන් සහ රටේ ජනතාවගෙන් ද දිගින් දිගටම බලපෑම් එල්ල වේ. පසුගිය බදදා සිම්බාබ්බේ හමුදාව ඔහු නිවාස අඩස්සියට පත් කරන ලදි.

වසර 37ක් රට පාලනය කළ 93වියැති රොබට් මුගාබේ මීට සති දෙකකට පෙර උප ජනාධිපති එමර්සන් නන්ගාවා ධුරයෙන් නෙරපනු ලැබීය. තමාගෙන් පසු තම බිරිඳ වන ග්‍රේස් මුගාබේ මීළඟ ජනාධිපති තනතුරට පත්වීමට අවස්ථාව සළසාදීමෙන් එරට අර්බුදකාරී තත්වය උද්ගත විය.

නව අදහස දක්වන්න