කටට රසට කෑම හදමු | දිනමිණ

කටට රසට කෑම හදමු

 බිස්කට් ටොෆී කැර­මල්

අවශ්‍ය ද්‍රව්‍ය

බිස්කට් ග්‍රෑම් 150යි

බටර් ග්‍රෑම් 200යි

ටින්කිරි ලොකු ටින් එකයි

ගෝල්ඩන් සිරප් මේස හැඳි 03යි

වෙන ම බටර් මේස හැඳි 02ක්

කුකිං චොක්ලට් ග්‍රෑම් 150යි

සාදන ක්‍රමය

මුලින් ම බිස්කට්, කෑලි හිටින සේ කුඩු කර ගන්න. පසුව බටර් රත් කර, දිය වූ පසු බිස්කට් කුඩු සමඟ එකතු කරන්න. එම මිශ්‍රණය හතරැස් තැටියක, අඟල් 1/2ක උසට හිටින ලෙස අතුරා, අතින් සමතලා කරන්න. පසුව එය සෙන්ටිග්‍රේට් අංශක 180 උෂ්ණත්වයේ අවන් එකක විනාඩි 20ක් බේක් කර ගන්න. ඉන් අනතුරුව ටින්කිරි, ගෝල්ඩන් සිරප් සහ බටර් හැඳි දෙක ළිපේ තියා,දුඹුරු පාට උකු මිශ්‍රණයක් වන තුරු මිශ්‍ර කරන්න. එම මිශ්‍රණය බේක් කරගත් බිස්කට් මිශ්‍රණය මතට වක්කරන්න. පසුව කුකිං චොක්ලට්, ඩබල් බොයිල් කරගෙන, එම මිශ්‍රණය මතට දමන්න. නිවෙන්නට හැර, පැය බාගයක් පමණ ශීතකරණයේ තබන්න. දැන් කැමැති ප්‍රමාණයේ කොටු කපා, පිළිගැන්විය හැකි ය.

කාංචනා සිරිවර්ධන

නව අදහස දක්වන්න