මාන­සික රෝග, අප­රාධ හා නූත­නයා | දිනමිණ

මාන­සික රෝග, අප­රාධ හා නූත­නයා

දුක්ඛ සත්‍යය
 

මතක යානයේ නැගී, මීට අවුරුදු හතළිහක, පනහක, හැටක අතීතයට, මොහොතකට යන්න. එදා තිබූ භෞතික සමාජිය හා සංස්කෘතික වට පිටාව අද සමඟ සසඳන්න. එදාට සාපේක්ෂව අද ජීවිතය සෑම සියලු ආකාරයකින්ම වඩාත් යහපත්ව ඇති බව පිළිගැනීමට සිදු වෙනව.

එදා නොතිබූ බොහෝ දේවල් අද තිබෙනව. විශේෂයෙන්ම ජයග්‍රහණ අත්පත්කර ගැනීම සඳහා ඇති අවස්ථාවන් බහුලයි. වැඩ කිරීමේ ප්‍රතිලාභ ද ඉහළයි. සුව පහසුකම් ද අනන්තයි. අතීතය අවලෝකනය කරන විට, අදට අනුව එදා අඳුරු මලානික උදාසීන ආයාසකර එකක්.

නූතනත්වයේ මේ සියලු වාසි තිබියදී විනෝදාස්වාදයන් දිනපතා වැඩි වෙද්දී ජීවිතාපේක්ෂාව ඉහළ යද්දී. නිසැකයෙන්ම අද දින ජීවිතය සුව පහසුකම්වලින් ඉපිලෙද්දී අප කාගේත් අවධානයට ලක්විය යුතු එහෙත් සැමට මඟහැරෙන කාරණයක් තිබෙනවා. ඒ දෙස වෙනස් විදිහට අපි බලමු.

සෞඛ්‍යය සම්බන්ධයෙන් බැලුවොත්, ක්ෂය රෝගය, මැලේරියාව , ලාදුරු වැනි වසංගත ජය ගැනීමට අපට හැකියාව ලැබී තිබෙනව. ඒ වගේ තවත් රෝග පීඩා ගණනාවක්ම පාලනය කිරීමේ හැකියාව අපට තිබෙනව. පිළිකාවට සුවය නුදුරු කාලයේදීම සොයාගන්නව. නමුත් සැබැවින්ම මහත් වේගයකින් පැතිර ඉහළ නගින පිරිහීම දක්නට ලැබෙන්නේ මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ, මානසික රෝග හා මානසික අක්‍රමිකතා නිහඬත්වය තුළ මහා හඬක් මතු කරමින් සිටිනවා. මානසික සෞඛ්‍යය සම්බන්ධයෙන් රෝහල් හා ආයතන වැඩි වැඩියෙන් ගොඩනැංවීමට අපට බල කරමින් සිටිනවා. මන්ද ඉතාමත් නරක අන්දමින් වර්ධනය වන මානසික රෝගීන්ගේ ප්‍රමාණය අනුව, ඔවුන් ප්‍රතිකාර සඳහා යොමුවීමක් හෝ යොමු කිරීමක් දක්නට ලැබෙන්නෙ නැහැ. නමුත් ඔවුන්ගේ ජීවිත නිසි අයුරින් ප්‍රයෝජනයට ගැනීම සඳහා වහා ක්‍රියාත්මක වැඩපිළිවෙළක් අත්‍යවශ්‍ය වී තිබෙනවා.

මේ අහිංසක මානසික රෝගී වර්ගීකරණයට, සීග්‍රයෙන් ඉහළ යන අපරාධ වර්ධනයේ පුද්ගල සංඛ්‍යාව ද එකතු කරගත් විට, මුළු මානසික අක්‍රමිකතා ගහණයේ තරම අපට හොඳින් තේරුම් ගන්න පුළුවන්. වෙනත් අයුරකින් පැහැදිලි කරන්නේ නම්, සාහසික නොමැති මානසික අක්‍රමිකයින්; සාහසික මනෝ අක්‍රමිකයින් මෙන්ම, අපරාධවලට සම්බන්ධ මානසික රෝගීන් ද, එකම දහරකින් පැන නැගී ඇති බව වටහාගන්න පුළුවන්.

මානසික පීඩාවන්ට ගොදුරු වු පිරිස හා අපරාධකරුවන් එකට හුස්ම ගන්වන්නේ මන්දැයි කෙනෙක් අපෙන් අහන්න පුළුවන්. මීට පිළිතුරු විදිහට සිග්මන් ෆ්‍රොයිඩ්ගේ විශිෂ්ට පර්යේෂණයක ප්‍රතිඵල දක්වන්න පුළුවන්. ඉතාමත් සුබවාදී හා ප්‍රතිඵල සහිත මේ පර්යේෂණයේ ප්‍රතිඵලයක් විදිහට ෆ්‍රොයිඩ් මෙහෙම හඳුනාගෙන තිබෙනව. අපරාධකරුවන් මෙන්ම අපචාරින්ද මානසිකව රෝගී වූවන් ය. මොවුනට වඩාත් අවශ්‍ය වන්නේ දඬුවම් නොව ප්‍රතිකාරය. ෆ්‍රොයිඩ්ගේ මේ නිදහස් ශාස්ත්‍රීය දැක්මට අනුව උක්ත ගැටලුව සමාජ ප්‍රගමනයට අනුව ‘සුබවාදීව ‘ බැලීමක්, පළිගැනීමට වඩා පිළියම් යෙදීමක්.

නූතනයන් අතර මානසික අක්‍රමිකතා ඉහළ යාමට මෙන්ම පැතිර තිබීමට ද හේතූන් කිහිපයක් දක්වන්න පුළුවන්. ප්‍රාග්ධන පද්ධති මඟින් මෙහෙයවන්නා වූ ලාභය පරම කරගත් සමාගම්වල ක්‍රියාකාරකම් මීට එක් හේතුවක්. දෙවැන්න තමයි, මුදල්, බලය සාර්ථකත්වය, තත්ත්වය, යනාදිය අත්කර ගැනීම සඳහා තියුණු තරගයක යෙදීම (rat race) ඊළඟ කාරණය තමයි සංවිධිත ආගම්වල ගරා වැටීම, යක්ෂයාගෙ ක්‍රියාකාරකමක්, ග්‍රහයින්ගේ අපලයක් හෝ පෙර කර්ම පඩිසන්දීමක් විදිහට මානසික රෝග මනින්න බෑ. වර්තමානය තුළ සිතුම් රටාවන්ගේ වෙනස්වීම් මත මිනිසුන් හිතන, පතන, කරන, කියන දේ වෙනස් වෙනවා. ඒ කොහොම වුණත් රෝගකාරකය සොයාගැනීමට ගැඹුරින් අධ්‍යයනය කරද්දී නූතනයාගේ මානසික රෝගකාරක කිහිපයක්ම හඳුනා ගන්න පුළුවන්. බෞද්ධ මැද මාවත සමස්තයක් වශයෙන් අන්තගාමීත්වය වළක්වනවා. ‍මෙතෙක් ජීවත් වූ කිසිම කෙනෙකුට වඩා බුදුන් ජීවිතයේ හා විශ්වයේ වෙනස්කම් හොඳින් නිරීක්ෂණය කරනවා.

ඉතා දිගු කාලයක් වැළලී තිබුණ ගැටලුකාරී මානසික තත්ත්වයක් මතුපිට ගෙන ඒම, මානසික චිකිත්සාවේ පළමු කටයුත්තයි. මෙහිදී මනෝචිකිත්සකයා කරනුයේ තම රෝගියා තුළ ඉතාමත් දිගු කාලයක් පරිසරයට අනුරූප වෙමින් රහසේ සැඟවී පැවති සිතුවිලි හෙළිදරව් කිරීමට පහසුකම් සලසා දීමයි. මෙහිදී තම අත්වැරදි සහගත ආකල්පය පිළිබඳ හොඳ අවබෝධයක් ලැබීමට රෝගියාට උපකාර කරනවා විනා අතරමැදින් කඩා පැන කළ හා නොකළ යුතු දෑ ‍පෙන්වා නුදුන්නා.මේ නිසා රෝගියා තේරුම් ගන්නේ තමාගේ රෝගයේ නිමැවුම්කරුවා තමාම බවයි. මේ චිකිත්සාව හරි ගියේ නම් රෝගියා විසින් තමාව හොඳින් දැන හඳුනා ගත්තා. මේ හඳුනා ගැනීම කෙරෙද්දී රෝගියාට තමා ගැන විශාල කම්පනයක් පිළිබඳ හැඟීමක් ඇති වේ. ඒ කම්පනය විසින් මානසික යහපැවැත්මට මඟ පෑදුනා.

නමුත්, මනෝ චිකිත්සකයා විසින් ඉතා දීර්ඝ ගමනක් ප්‍රතිකාරය ඔස්සේ තම රෝගියා රැගෙන ගියත්, බුදුන් විසින් කිසිදු කම්පනයක් ඇති නොකර ඉතාමත් ඵලදායක ක්‍රමවේදයක් භාවිත කළා. එය ‘ඔබ විසින්ම කරන්න’ යනුවෙන් හඳුන්වන්න පුළුවන්. තමාගේ ගැඹුරුම හිත් පතුල ගැන විමසීමක් කළ හැක්කේ තමාටම පමණයි. ඉතින් එය තමා විසින්ම කර ගැනීමටත්, තමා වෙනස් කර ගනිමින් මනසුව අත්පත්කර ගැනීමටත් බැරිද?

ලබන සතියේ - විඳවීම උපදවන ඇල්ම

නව අදහස දක්වන්න