කාන්තා එල්ලේ කණ්ඩායමක් මුල්වරට විදෙස් සංචාරයක | දිනමිණ

කාන්තා එල්ලේ කණ්ඩායමක් මුල්වරට විදෙස් සංචාරයක

කැලණිය විශ්ව විද්‍යාලයේ ශාරීරික අධ්‍යාපන අධ්‍යක්ෂ සමන් කුමාර ගුණවර්ධන මහතා සමග මැලේසියාව බලා පිටත්වූ එල්ලේ කණ්ඩායම සමූහ ඡායාරූපයකට මුහුණදුන් අයුරු.

ශ්‍රී ලංකා කාන්තා එල්ලේ කණ්ඩායමක් ඉතිහාසයේ මුල්වරට විදෙස් සංචාරයක් අරඹයි. මැලේසියාවේ ක්වාලලාම්පූර් මාරා තාක්ෂණික විශ්ව විද්‍යාලයේ ආරාධනාවක් අනුව කැලණිය විශ්ව විද්‍යාලීය කාන්තා එල්ලේ කණ්ඩායම මෙම විදෙස් තරග සංචාරයට එක්විය.

පසුගියදා පැවැති අන්තර් විශ්ව විද්‍යාල ක්‍රීඩා උළෙලේදී එල්ලේ ශූරතාව දිනාගත් කැලණීය විශ්ව විද්‍යාලීය කාන්තා එල්ලේ කණ්ඩායම පෙරේදා මැලේසියාව බලා පිටත්වූ අතර මේ 25වැනිදා දක්වා තරගාවලිය පැවැත්වීමට කටයුතු යොදා ඇත. කණ්ඩායමේ කළමනාකරු ලෙස සරණි ගොඩමුණේ මහත්මිය කටයුතු කරන අතර එල්ලේ කණ්ඩායමේ පුහුණුකරු ලෙස ධර්මදාස මීගොඩ මහතා කටයුතු කරයි.

එල්ලේ කණ්ඩායමේ ක්‍රීඩිකාවන් මෙසේය: ජී. එස්. රාජපක්ෂ, දුලාංජලී රාජකරුණා, එල්. ප්‍රසාංගිකා, එච්. එන්. ප්‍රියදර්ශනී, එස්. එම්. ජයතිලක, එච්. ඩී. දයාපතිරණ, ඩී. චතුරාංගනී, දීපිකා කුමාරී, ටී. එච්. තෙන්නකෝන්, චතුරි නිලක්ෂිකා, චාන්දනී කුලතුංග, හිමායා හසන්ති, දිනේෂිකා ප්‍රනාන්දු, ජී. සරෝජනී, උපේක්ෂා මධුභාෂිණී, ලක්මිණි කරුණාරත්න, ඩී. පී. ජයතිලක, ලක්මාලී සඳවතී, රාජිතා කුලතුංග, උමයාංගනී රණසිංහ.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...