යතුරුපැදිකරු ළඟ තහනම් වේදනානාශක පෙති 2500ක් | දිනමිණ

යතුරුපැදිකරු ළඟ තහනම් වේදනානාශක පෙති 2500ක්

අලෙවි කිරීමට තහනම් කර ඇති වේදනා නාශක ඖෂධයක් වන ටැමඩොල් පෙති 2500 ක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට මාදම්පේ පොලිසිය සමත්වේ. ඉකුත් 20 දා සවස මේ වැටලීම සිදුකර තිබේ. සැකකරු මේ පෙති අලෙවි කිරීම සඳහා යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී පොලිසියට ලද තොරතුරක් මත අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු මාදම්පේ නව නගරයේ පදිංචි තිස්හැවිරිදි පුද්ගලයෙකි.

අත්අඩංගුවට පත් ටැමඩෝල් පෙති තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ හතහමාරකි (7 1/2). එක් පෙත්තක් රුපියල් 300 ක මුදලකට අලෙවි කර තිබේ.

වේදනා නාශක ඖෂධය මත්ද්‍රව්‍යයක් ලෙස භාවිතා කෙරේ. මෙය ඇපල් රස ඇති හේතුවෙන් පාසල් ළමයින්ට ද අලෙවි කර ඇති බවට පොලිසිය සැක කරයි.

අත්අඩංගුවට පත් සැකකරු මීට පෙර අවස්ථාවකදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකොට සිටි පුද්ගලයෙකි.

මාදම්පේ පොලිසියේ ස්ථානාධිපති වසන්ත කුමාර මහතාට ලද තොරතුරක් මත පොලිස් පරීක්ෂක යූ. එල්. එම්. ශිරාන් පෙරේරා, පොලිස් කොස්තාපල් (69371) රණසිංහ, 61157 බුද්ධික, 49113 පුෂ්පකුමාර සහ 46352 චන්ද්‍රසේන යන නිලධාරීහු මේ වැටලීම සිදු කළහ. 

මාරවිල සමූහ, මුන්නේශ්වරම සමූහ හා
පුත්තලම දිසා සමූහ

නව අදහස දක්වන්න