ජාතික විදුලිබල පද්ධතියට මෙ‍ගාවොට් 100ක සූර්යබල ශක්තිය එක් කිරීමේ උත්සවයෙන්........ | දිනමිණ

ජාතික විදුලිබල පද්ධතියට මෙ‍ගාවොට් 100ක සූර්යබල ශක්තිය එක් කිරීමේ උත්සවයෙන්........

ජාතික විදුලිබල පද්ධතියට මෙ‍ගාවොට් 100ක සූර්යබල ශක්තිය එක් කිරීම සනිටුහන් කිරීමේ උත්සවය ඊයේ (21) පස්වරුවේ බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. පුවක්ගහඋල්පත පළමු සූර්යබල ගම්මානයේ සූර්යබල පද්ධතියේ හිමිකරු වෙත අදාළ චෙක්පත ප්‍රදානය කිරීම ද ජනාධිපතිවරයා අතින් සිදුවිය. අමාත්‍යවරුන් වන රංජිත් සියඹලාපිටිය, දයා ගමගේ, නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් සුරේන් බටගොඩ, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති කීර්ති වික්‍රමරත්න, විදුලිබල මණ්ඩලයේ සභාපති ඩබ්. ඩී. ‍ගනේගල යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නව අදහස දක්වන්න